ඉන්දියාව ඩොලර් බිලියනය දෙන්නට කොන්දේසි දාලාලු! IMF නොගියෙත් කොන්දේසි කියලා නේද?

ඉන්දියාව අපට තෙල්, බෙහෙත් සහ අත්‍යවශ්‍ය කෑම ගෙන්වීම සඳහා දෙන්න හිටපු ඩොලර් බිලියනයක ණය දෙන්නට නම් අපි කළ යුතු බවට කොන්දේසි ගොඩක් ඉන්දියාව පැත්තෙන් පනවපු බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියෙනවා.

ශ්‍රී ලංකා රජය ‘අයිඑම්එෆ් ගියොත් කොන්දේසි වැටෙයි, ඒ නිසා ඉන්දියාවෙනුයි තව යාළු රටවල්වලිනුයි උදව් ඉල්ලනවා’ කියලා පහුගිය දවස්වල කියමින් හිටියේ මෙන්න මේ වගේ ණය පහසුකම් ගැන තමයි. ඒත්, අයිඑම්එෆ් නොගියාට මේ වගේ රටවල්වලිනුත් ණය පහසුකම් ගනිද්දී කොන්දේසි වැටෙන බව අමුතුවෙන් කියන්න දෙයක්යෑ.

ඒ අනුව නිකම්ම සල්ලි නොදී ලංකාවෙ ආර්ථික අර්බුදය ගැනත්, ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ගැනත් කොන්දේසිවල සඳහන්ලු. ඉන්දියාවට උපායමාර්ගිකව වැදගත් වෙන දේවල් වගේම, ලංකාවේ ණය අර්බුදය විසඳාගන්නට අපේ පැත්තෙන් ගත යුතු පියවර ගැනත් ඉන්දියාව බලා ඉන්න බව තමයි ඒ වාර්තාවේ සඳහන් වෙන්නේ.

ඉන්දියාව මීට කලින් ඩොලර් මිලියන 500ක් ලංකාවට දුන්නා. එයට සමගාමීව තමයි ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි ගැන ගිවිසුමකට එන්න වුණේ. කොහොම නමුත් ඒ දෙසැම්බර්වල ගත්ත සල්ලි මේ මාසෙ දෙන්නට නියමිතව තිබුණාලු.

මේ වෙද්දී ඉන්දියාවෙන් ඔය සල්ලි ගන්නට බැසිල් රාජපක්ෂ මහත්තයා ඉන්දියාවේ සංචාරයකට යන්න දඟලමින් ඉන්නවා. ඒත්, එහේ නායකයන් තවම බැසිල්ගේ ගමනට ඕකේ එක දීලා නෑ. ගිය සතියේ යන්න ලෑස්තිවෙලා හිටියත්, එහේ විදේශ ඇමති ජයශංකර් මහත්තයා පැරීසියේ යනවා කියලා බැසිල්ට එන්න එපා කියා දැනුම් දී තිබුණා.

පහුගිය කාලසීමාව තුළ අපේ මුදල් ඇමති ඉන්දියාවෙ නායකයන් මුණගැහෙන්නට ගත් උත්සාහයන් ගණනාවක් මඟහැරිලා තිබුණා. ‘මේ හිඟන කපුටාස්ලා කියන ඒවා තේරෙන්නෙත් නෑ! ඒ මදිවට කොච්චරවත් සල්ලි ඉල්ලලා වාත වෙනවා.’ කියලා එහේ අය හිතනවද දන්නෑ. ඇයි අප්පා මුං ඉන්න තරමක් ඉන්දියාවට ලොකු පුකවල් පෙන්න පෙන්න චීනෙට ළංවෙලානේ හිටියේ.

ඉන්දියාව පැත්තෙන් ඉල්ලන ප්‍රධාන එකක් තමයි ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඔවුන්ගේ ව්‍යාපෘතිවලට අදාල සමුද්‍රීය ගිවිසුම් ටිකක් ඇති කර ගැනීම. ඒ යට‍තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉන්දියානු ඩ්‍රෝන් යානා පිළිබඳ ගිවිසුමක් ඇති කර ගන්න වේවි. ත්‍රිකුණාමලය වරායේ ඉන්දියානු නැව් අලුත්වැඩියා තටාකයක් ගැනත් ගිවිසුමක් ඇති කර ගන්න වේවි. ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදීත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ කලාපයේ එහේ මෙහේ යන වාණිජ නැව්වලට ආරක්ෂාව තහවුරු කිරීමේ කටයුතුවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීම සඳහා ගිවිසුම්වලට ඇතුළත් වෙන්න සිදු වේවි. ඒ වෙනුවෙන් බහරේන්වල තියෙන ඉන්දියාව, ඇමෙරිකාව එක්ක තියෙන බුද්ධි මධ්‍යස්ථානයට අපේ නාවික හමුදාවේ පිරිස් ඇතුළත් කරලා, ඒ ක්‍රියාවලියට ඇතුළු වෙන්න ලංකාවට සිදු වේවි.

සාම්පූර්වල වගේම ඩෙල්ෆ්ට් දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිත් මේ අතර තියෙනවා. වෙනත් ආරංචිමාර්ගවල තිබුණ හැටියට ඒ ව්‍යාපෘති අතරට ගෞතම් අදානි මහතාගේ එකක් ඇතුළත් වේවි.

ඊට අමතරව පලෙයි ගුවන් තොටුපොළ වාණිජ වශයෙන් කටයුතු ආරම්භ කිරීමත්, ඉන්දියාව සහ ලංකාව ඇතුළත් සංස්කෘතික වැඩසටහන් යාපනය අර්ධද්වීපයේ ක්‍රියාත්මක කිරීමත් ඔය අතතර තියෙනවා.

ඔය දේවල් කරන එක ගැන ලංකාවෙන් සහතිකයක් ලැබෙනතුරු තමයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරන විදියට ඔය ණය මුදල තාවකාලිකව නොගෙවා අත්හිටුවලා තියෙන්නේ. සමහරවිට බැසිල් රාජපක්ෂ මහතා පහුගිය දවස්වල ඉන්දියාවෙ යන්න දැඟලුවේ ඔය කොන්දේසි ලිහිල් කර ගන්නට වෙන්න ඇති. ඒත්, පෙනෙන විදියට ඉන්දියාව කතාබහට ලෑස්තිත් නෑ. කරනවනං කරලා සල්ලි ගනිං, නැත්නම් ඕනෑ නැහැ වගේ තැනක තමයි තත්වය තියෙන්නේ.

මොකද, බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරය ගැන ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සන්ඩේ ටයිම්ස් ඇහුවාම දැනුම් දීලා තිබුනේ ඔවැනි ඩොලර් බිලියනයක ණය පහසුකමක් ගැන කතා කරන්න මුදල් ඇමතිවරයාගේ නවදිල්ලි සංචාරයක් ගැන නිල වශයෙන් දැනුම් දීලා නැති නිසා, එවැන්නක් ගැන කතා කිරීමට අවශ්‍යතාවක් නැති බව.