ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරලා.
ඇත්තටම ජනාධිපති ආර්ථික උපදෙස් සඳහා සභාවක් පත් කරන බව කීවාම අපි මුලින් සතුටු වුණා. යන්තම් ඇති, දැන්වත් එහෙම එකක් පත් කරලා කියලා. මොකද ආණ්ඩුවේ තනතුරු නැතත් දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් තියෙන විද්වතුන් ඉන්නවා. ප්‍රායෝගික දැනුම තියෙන අය වගේම තියරි දන්න අයත් ඉන්නවානේ. අනෙක් පැත්තෙන් මේ අර්බුදය විසඳන්න විපක්ෂයෙ සහයෝගයත් එපායැ.
ඉතින් ආණ්ඩුවේ තනතුරු සහ කැබිනෙට්ටුව, මහ බැංකුව, භාණ්ඩාගාරය වගේ ආයතනවලට අමතරව ජනාධිපති එක්ක සාකච්ඡා කරන්න සභාවක් දාගන්න එක ඉතාම යහපත්.
ඒත් පස්සේ තමයි ඒකට දාපු කට්ටිය දැක්කේ. කේවට්ටයන් ටිකම තමයි දාගෙන තියෙන්නේ. අනෙක එතැන වැඩිපුර ඉන්නේ කැබිනට් එකේ කොහොමත් ඉන්න අය. ඉතිරි අය මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම්.
මේ කියන උදවියව කැබිනට් එකේ ආර්ථික අර්බුදය සාකච්ඡා කරන හැම වෙලාවෙම කැඳවන්න පුළුවන් ඕනෑ නං. ඉතිං මොකටද අමුතු සභා පත් කොරන්නේ. ඇත්තටම මේ කොරන්නේ තියෙන කැබිනට් එකේ කතා කරන්න ඕනෑ ඒවා සමහර කැබිනට් ඇමතිවරුන්ටත් හොරෙන් කතා කරන්න ඉඩ හදන එකටනේ. මොකෝ ඇත්තටම තියෙන අර්බුදය කැබිනට් ඇමතිලාත් හරියට දන්නෙ නැහැලුනේ. අර්බුදයක් නෑ කියලා උංවත් අන්දලාලු තියෙන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ , වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ද , මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ,භාණ්ඩාගාර ලේකම් එස් ආර්.ආටිගල , මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු ද ඇතුළත් වෙනවාලු.
මේක සතිපතා රැස් වෙනවාලු.
ඉතිං බං ලංකාවෙ ඉතිහාසය පුරාවට ඔය වගේ ප්‍රශ්න සතිපතා කතා කරන තව ආයතනයක් තියෙනවානෙ. කැබිනට් එක කියලා. ඔය අලුතින් දාපු එකක් සතිපතා රැස්වෙලා අලුතින් අහවල් එකක් කතා කොරන්ඩද?
කොහොමහරි ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මඟ පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරිලා තියෙනවාලු.
අම්මට හුඩු! මේ කාර්යභාරය බැලුවත් ඒක බොහෝදුරට කැබිනට් එකට සමානයි. ඉතින් මේ ඇවිල්ලා කැබිනට් එකට අමතරව, නිලධාරීනුත් දාගත්ත සූඩෝ කැබිනට් එකක්. කුස්සි කැබිනට් එකක්.
දැන් අවශ්‍ය එහෙම එකක් නෙවෙයි. ආණ්ඩුවේ දේශපාලන බලයට යට නොවෙච්ච, සැබෑ විසඳුම් යෝජනා කරන්න පුළුවන් එළියේ විද්වතුන් සහ විපක්ෂයේ දැනුම තියෙන අය සම්බන්ධ වූ උපදේශන ආයතනයක්.
මළවිකාර!