අභ්‍යවකාශයෙන් විද්‍යාඥයන් හොයාගත්, දොරකඩ ඉන්න වැම්පයර්!

This artist’s impression shows the orbits of the objects in the HR 6819 triple system. This system is made up of an inner binary with one star (orbit in blue) and a newly discovered black hole (orbit in red), as well as a third object, another star, in a wider orbit (also in blue). The team originally believed there were only two objects, the two stars, in the system. However, as they analysed their observations, they were stunned when they revealed a third, previously undiscovered body in HR 6819: a black hole, the closest ever found to Earth. The black hole is invisible, but it makes its presence known by its gravitational pull, which forces the luminous inner star into an orbit. The objects in this inner pair have roughly the same mass and circular orbits. The observations, with the FEROS spectrograph on the 2.2-metre telescope at ESO’s La Silla, showed that the inner visible star orbits the black hole every 40 days, while the second star is at a large distance from this inner pair. 

භාග්‍යා උඩුවරගෙදර

විශ්වය කියන්නේ මහා විශාල තැනක්නෙ. ඇත්තටම විශාලයි කීවාට මදි. ඒකෙ සයිස් එක විස්තර කරන්න වචන නෑ. විශ්වය නිකං අපේ ලෝකෙ අපට හුරුපුරුදු සයිස්වලට මවලා ගත්තොත් අපේ දොරකඩ ඉස්සරහා මෑත කාලෙ කළු කුහරයක් හොයාගත්තා කියලා විද්‍යාඥයන් අතර ලොකු හාහූවක් තිබුණා.

විශ්වීය දොරකඩ ළඟ කීවාට ඇත්තටම ඒක ආලෝක වර්ෂ 1000ක් විතර දුරින් තියෙන්නේ. ඒත් ඉතින්, අපි කතා කරන්නේ විශ්වීය සයිස්වලින්නේ. ඒවා එක්ක බැලුවොතත් විශ්වීය දොරකඩ ළඟ තමයි මේ කළු කුහරය කියා හිතූ එක හම්බ වුණේ.

ඔන්න දැන් විද්‍යාඥයන් එහෙට මෙහෙට ගණං හදලා අලුත්ම විද්‍යාත්මක පත්‍රිකාවලින් කියනවා නෑ ඒ කළු කුහරයක් නෙවෙයි, වැම්පයර් කෙනෙක් කියලා.

කවුද අප්පා වැම්පයර් කියන්නේ? අන්න ඒකයි අපි දැනගන්න වටින්නේ.

බ්‍රෑම් ස්ට්‍රෝකර් ඩ්‍රැකියුලා නවකතාවේදී මැවූ වැම්පයර්ලා ලේ උරා බොනවා නං, මේ විශ්වීය වැම්පයර්ලා උරා බොන්නේ තාරකාවල තියෙන සාරය.

වැම්පයර් ගැන වැඩිදුර කතා කරන්න කලින් ආගමයි, විද්‍යාවයි අතර හරි වැදගත්ම වෙනස මේ ප්‍රවෘත්තියෙන් හෙළිවෙන බව මතක් කරන්න ඕනෑ. විද්‍යාව කියන්නේ කවදාවත් දැනුම් පද්ධතියක් නෙවෙයි. ආගමේදී වගේ, අරක මෙහෙමයි, මේක එහෙමයි කියලා කවුරුහරි කීව පළියට ඇස් පියාන විශ්වාස කරන්නේ නෑ විද්‍යාවේදී. විද්‍යාව හැම වෙලාවේම වෙනස් වෙනවා. ඒක ක්‍රියාවලියක්. හුදෙක් කී පළියට විශ්වාස නොකරනවා විතරක් නෙවෙයි, අද හොයාගත් දෙයක් හෙට අලුත් දැනුමක් එක්ක අලුත් විදියට දකින්නත් පුළුවන්. ඒ නිසා හැබෑව හොයාගෙන යන, අපට වැරදුණා කියා පිළිගන්න නිහතතමානී ක්‍රියාවලියක් තමා විද්‍යාව.

ඉතින්, කලින් කළු කුහරයක් කියා හිතුවේ ‘වැරදීමක්’ නිසා බව පිළිගන්න තරම් විද්‍යාඥයන් නිහතමානීයි.

මේ කියන වැම්පයර්කාරයා ඉන්නේ ටෙලිස්කොපියුම් කියන තාරකා පද්ධතියේ, එච්ආර් 6819 කියන අංකය ලැබිච්ච තරු මණ්ඩලයේ. මෙතැන තරු දෙකක් එක ළඟ තිබුණා. ඒත් ඒවායේ හැසිරීම්, චලනයන් සලකා බලලා යම්කිසි අමුතතු බලපෑමක් තියෙන්න ඕනෑ බව හිතුවා. ඒ අනුව මෙතැන කළු කුහරයක් තියෙන්න ඕනෑ බව ගණං හදලා විද්‍යාඥයන් කීවා. ඒ අනුව ඒක පෘථිවියට ළඟින්ම පිහිටි කළු කුහරය විදියට සලකලා, අපේ විශ්වීය ගම්මානෙට සාදරයෙන් මල් මාලා දාලා පිළිගත්තා.

මොකක්ද මේ අමුතු චලනය. සාමාන්‍යයෙන් මෙහෙම තරු දෙකක් එක සමාන කක්ෂයකක එකිනෙකා වටේ චලනය වෙන්න ඕනෑ. ඒත්, මෙතැන එක තරුවක් පොඩි කක්ෂයකත්, අනෙක් තරුව මොකක්හරි වස්තුවක් වටේට වඩා ලොකු කක්ෂයකත් ගමන් කරමින් හිටියේ. ඒ කියන්නේ ඇහැට නොපෙනෙන කළු කුහරයක් වටේ මේක යන බව හිතුවා.

මේ ගැන එදා දත්ත සොයාගත් පර්යේෂණ පත්‍රිකාවේ සම කතෘ වන, යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ හෙවත් ඊඑස්ඕ එකේ විශිෂ්ඨ තාරකා විද්‍යාඥයා ඩයිට්‍රිරිච් බේඩ් කියනවා තරු දෙකක ලක්ෂණ තියන ආලෝක තලයක් මීට කලින් අනාවරණය වූ බව.

මේ තරු දෙකේම දීප්තිය සමානයි. වයසත් සමානයි. සාමන්‍යයෙයෙන් නම් ස්කන්ධයත් සමාන වෙන්න ඕනෑලු.

“අපි දැක්කෙ නැති දැවැන්ත වස්තුවකින් එක් තාරකාවක් විතරක් අධික වේගෙන් කැරකෙනවා අපි දැක්කා.ඒ නිසා මේ නොපෙනෙන දැවැන්ත වස්තුව තුන්වන ශරීරයක් ,එනම් කළු කුහරයක් කියලා අපි උපකල්පනය කළා.”  කියලා බේඩ් ප්‍රකාශ කළා.

ඒත් ඊට පස්සේ අදහස වෙනස් වෙලා තියෙනවා.එයාලා කියනවා පද්ධතියේ තරු දෙකෙන් එකක් ගොඩක් දැවැන්ත බවත්, ඒක අනෙකාගේ සාරය උරා බොන බවත්. තාරකා වැම්පයර් කෙනෙක් කියා මෙයාව හැඳින්නුවා.

ඊඑස්ඕ වල ගොඩක් ලොකු දුරේක්ෂ සහ දුරේක්ෂ ඉන්ටර්ෆෙරෝමීටරයක් භාවිතා කරලා මේ වැඩේදි. අලුත් දත්ත විශ්ලේෂණය කරමින් කණ්ඩායම වැඩකරා කියලා බේඩ් සඳහන් කරලා තියනවා.

“විද්‍යාවේදී සිද්ධවෙන්න ඕනෑ හැම කෙනෙක්ම විසඳන්න උත්සහ කරන විවෘත ප්‍රශ්න. එහෙම නැතුව කවුද හරි, කවුද වැරදි කියන එක හොයන තරගයක් නෙමෙයි. විද්‍යාව”  මේ ප්‍රකාශය කළේ ආචාර්ය ජූලියා බොඩෙන්ස්ටයිනර්. මෙතුමියත් ඊඑස්ඕ එකේ.

ඇත්තටම කළු කුහරයක් තිබ්බා නම් තරු දෙක ගොඩක් ඈත් වෙන්න ඕනෑලු. හැබැයි මේ තාරකා දෙක සමීප බව හඳුනාගෙන තියෙනවා.

ඊඑස්ඕ එකේ අතිවිශාල දුරේකක්ෂයෙන් මේ තාරකාවක පුළුල් කක්ෂයක් තියෙන දෙවැනි තාරකාව දැකගන්නත් බැරි වෙලා. මේ තරු දෙකම එකකට මික්ස් වෙලා, තනි ආලෝකයක් විදියටලු එන්නේ. අන්න ඒ නිසයි තරු දෙක එක ළඟ තියෙන බව ඔවුන් හඳුනාගත්තේ.

එහෙනං කළු කුහරයක් නෑ.

ඒ වගේම අතිවිශාල දුරේක්ෂයේ ඉන්ෆෙරෝමීටරය පාවිච්චි කරලා තමන්ගේ ප්‍රතිඵල තහවුරු කරගන්නත් ඔවුන් සමත් වෙලා. මේ දෙන්නා එකිනෙකා වටේ චලනය වෙන විදිය ගැනත් වැඩිදුර තොරතුරු හඳුනාගෙන.

මේ වෙද්දී වැම්පයරයා විසින් සාරය උරා බීම නිසා, එක තරුවක ස්කන්ධයෙන් සෑහෙන කොටසක් අහිමි වෙලා. උරා බොන්නෙ කොහොමද? තරුවකට පණ නැහැ නේ. එහෙත්, තරුවක ස්කන්ධය වැඩි වෙන තරමට ගුරුත්වාකර්ෂණ බලය වැඩියි. ඒ අනුව එක තරුවක බලයට, අනෙක් තරුව මත තියෙන ශක්තිය ඇදලා උරා බොන්න හැකියාව ලැබෙනවා.

හැබැයි මේ විදියට සාරය උරා බීම එක්ක, අනෙක් තරුවේ ‘ඇටසැකිල්ල’ පේන තැනට ඇවිල්ලා.

අන්න ඔය සිද්ධිය නිසා කළු කුහරයක් හම්බවෙනවාට වඩා විද්‍යාඥයන් ඉන්නෙ සතුටින්. ‘ආ කමක් නෑ….’ කියාගෙන ඉන්නේ.

ඒකට හේතුව අර තරුවේ මතුපිට මස් දියවෙලා, සැකිල්ල පේන තරමට තාරකාවක ඇතුළේ කොටස අධ්‍යන කරන්න අපේ විද්‍යාඥයන්ට අවස්ථාව ලැබෙනවා. තරුවක් හැදෙන හැටි, තරුවක අභ්‍යන්තරය ගැන වැඩිදුර තේරුම් ගන්න ඒක උදව්වක් බව විද්‍යාඥයන් කියනවා.

ඒ වගේම මේ වැම්පරයාගේ ක්‍රියාවලිය එක තරුවක අවසානයත්, තව තරුවක දියුණුවත්, ඒ එක්කම මේ පද්ධතිය තුළ ග්‍රහලෝක හැදිලා යම් දිනෙක ජනාවාසයක් බිහිවීමේ අවස්ථාවත් ආදී සියළු තත්වයන්ට දොරවල් ඇරෙනවා.

දවසෙන් දෙකෙන් ඒ සියල්ල සිද්ධ නොවුණත්, මනුෂ්‍ය වර්ගයා ‘දෙයියන්ගේ පිහිටෙන්……’ නැහැ! විද්‍යාවේ පිහිටෙන් තව අවුරුදු මිලියන ගණන් හිටියොත් දොරකඩ බිහිවෙන අලුත් ග්‍රහමණ්ඩලයක් දැකගන්න ලැබේවි.