විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ යන හිටපු ඇමතිවරුන් ඉවත් කිරීම වැරදි බවත්, ඒ ගැන තීන්දුවක් ප්‍රකාශ කරනතුරු තමන්ට අමාත්‍යධුරයේ වැඩ කරන්නට බැරි බවත්, විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වාසුදේව නානායක්කාර හිටපු අමාත්‍යවරයා කීවා.
හැබැයි තමන් ඇමතිධුරයෙන් ඉවත් නොවෙන බවත්, කටයුතුවලින් ඉවත් වෙන බවත් ඔහු කියලා.
මාර්තු 04 වැනිදා පැවති කැබිනට් හමුවේදී කරපු ඔහුගේ ප්‍රකාශයෙන් කොටසක් මෙහෙමයි.
‘හරිමගට රට ගෙනයෑම පිළිබඳ වැඩපිළිවෙලක් සහිතව අපි කැඳවූ මහා සාර්ථක රැස්වීම හේතුවක් නම්, මේ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ ඇමතිතුමන් දෙපළ ඒ ධුරවලින් ඉවත් කිරීමට, එහෙනම් මේකෙක් අගමුල පටලැවිලා තියෙන බවයි පෙනෙන්නේ.
රජයේ නායකත්වය මේ දෙපළ එම ඇමතිධුරවලින් ඉවත් කිරීමෙන් සිදු කළේ වරදක් කියන එක මුළු රටම එක හඬින් කියනවා. දැන් ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරනතුරු මට මගේ අමාත්‍යධුරයේ කටයුතු ඉටු කළ නොහැකියි. අමාත්‍යවරයෙක් හැටියට කැබිනට් රැස්වීම්වලට යැම හෝ ඇමතිවරයෙක් හැටියට මගේ වගකීම් ඉටු කරන්න පුළුවන්කමක් නෑ. අපි තුන්දෙනාම අනෙක් අය එක්ක එකතුවෙලා රටේ උග්‍ර අර්බුදයට විසඳුමක් හැටියට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. අවදානමක් පෙන්වමින් රතුපාට ලයිට් එකක් පත්තු වුණාම ස්විච් එක නිවලා හරියනවාද?
රටේ ජනතාව පෙළගැස්වීමට අපට වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉටු කළ යුතුයි.
අපි විපක්ෂයට එකතු වෙන්නේ නෑ. ඒ ගැන සැකයක් හිතාගන්න ඕනෑ නැහැ. අපි අපේම ආවේණික ක්‍රියාමාර්ගයක් උඩ ඒ වැඩපිළිවෙල මේ රටේ ක්‍රියාත්මක කරගැනීමේ පළවැනි සාධකය ජනතාවගේ විශාල සහයෝගයයි. අපට තියෙන්නේ ඒ වැඩපිළිවෙලට ජනතා සහයෝගය එකතු කරන්න.’