ඉන්ධන අර්බුදය එක්ක ආහාර ප්‍රවාහනය සිර වීම නිසා, නුදුරේදී සාගතයකුත් ඇතිවේවිද කියන බය දැන් මතුවෙමින් තියෙන බව උතුරේ එළවළු ප්‍රවාහනයට යොමු නොකොට ගොවීන් ආපසු ගෙනයෑමේ පුවත්වලිනුත් තහවුරු වෙනවා.
ඉන්ධන අර්බුදය එක්ක යාපනය ප්‍රදේශයෙන් මාර්තු 01 වැනිදා පමණක් එළවළු කිලෝ ලක්ෂ 4ක් පහුගියදා ආර්ථික මධ්‍යස්ථානවලට එවන්නේ නැතිව හරවලා යැව්වාලු.
කිලිනොච්චියේ එළවළු ගන්න පිට පළාත්වලින් කිසිම වාහනයක් ආවේවත් නැහැලු. වවුනියාවට ආවේ ලොරි 18ක් විතරයිලු. ඒ වෙනදාට එන ලොරි 250ක ප්‍රමාණය වෙනුවට.
මේ එළවළු දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනැවිත් ඒ හරහා රටපුරා බෙදාහැරෙනවා. ප්‍රවාහනයට ලොරි, කුඩා ටිපර් සහ ඩීසල් ත්‍රීවීලර් පාවිච්චි කෙරෙනවා. මේ බොහෝ වාහන ඩිසල්වලින් දුවන ඒවා.
ඒ නිසා ඩිසල් නැතිකම නිසා බොහෝ වාහන සම්පූර්ණයෙන් නතර වෙලා. අනෙක් වාහන දුර ගමන් යන්න බියෙන් ඉන්නේ, තෙල් හිඟයේ බලපෑම නොදන්නා නිසා.
ඒ අනුව එළවළු යවන්නේ නැතිව ආපසු හරවා යැවීම සිදු වෙනවා. අර්බුදය කළමණාකරණය කරන්නට ආණ්ඩුව අසමත් වීම නිසා, බලශක්ති සහ විදුලි අර්බුදයකින් එහාට ආහාර අර්බුදයකුත් ඇති වන්නේ ඒ අනුව. මීට පෙර අනුමාන කරපු අප්‍රේල් වෙද්දී සාගත තත්වයක් ඇතිවේවිද කියන විශේෂඥයන්ගේ බිය යථාර්තයක් වෙමින් තියෙනවා.