විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් රන්ජන් ගැන පැමිණිලි කරන්න මානව හිමිකම් කවුන්සිලයට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව නිදහස් කරගන්නා ලෙස ඉල්ලා පෙත්සමක් බාරදීමට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු සූදානමින් සිටින බව දිවයින පුවත්පත වාර්තා කරලා.

එම ඇමතිවරයාගේ නම සඳහන් නොකර, එම පුවතෙන් පෙන්වා දී තිබෙන්නේ මාර්තු 03 වැනිදා ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය අතරතුර එම පෙත්සම බාරදෙන බව. ඔහු කියා තිබෙන්නේ ජාත්‍යන්තර නීතිය අනුව රන්ජන් රාමනායක මහතාට සමාවක් ලබාගැනීම පැමිණිල්ලේ අරමුණ බව.

එහෙත්, වාර්තාවකට උක්ත කරුණ ඇතුළත් කරවාගැනීම හැරුණාම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යම් රටක අධිකරණයෙන් දඬුවම් ලැබූ කෙනෙකුට සමාව ලබාගැනීමේ හැකියාවක් නැහැ. එවැනි බලයක් එම කවුන්සිලයට නැහැ.

2021 ජනවාරි 12 වැනිදා ඉඳලා රන්ජන් රාමනායක මහතාට වසර 4ක සිරදඬුවමක් ලබා දුන්නා. සාමාන්‍යයෙන් හොඳ කල්ක්‍රියාව එක්ක ඔහුට 2023 දී නිදහස් වීමේ හැකියාවත් තිබෙනවා. එහෙත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය වගේම රටේ දේශපාලනයට අදාලව ඔහුගේ මැදිහත්වීමේ වැදගත්කම එක්ක ජනාධිපති සමාව ඉක්මනින් ලබාගත යුතු බව බොහෝ අය ඉස්මතු කරනවා.