මුදල් ඇමතිගේ ඉන්දීය ‘හිඟමන් ගමන’ අන්තිම මොහොතේ නවතී! එහෙ ඇමතිට වෙලාවක් නැහැලු!

නව දිල්ලියේදී ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පෙබරවාරි 25 වැනිදා පැවැත්වීමට තිබුණු සාකච්ඡාව අන්තිම මොහොතේ නතර කරලා තියෙන බව සන්ඩේ ටයිම්ස් පත්තරය වාර්තා කරලා.

මෙම සාකච්ඡාවල අරමුණ වී තිබුණේ ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබා ගැනීම සදහා ඇමෙරිකන් ඩොලර් බිලියනයක හදිසි ණය පහසුකමක් ලබාගැනීම.

මෙම සාකච්ඡාව අවලංගු කිරීමට හේතුවක් නවදිල්ලිවල ඉන්දීය රජය පැත්තෙන් හෝ ශ්‍රී ලංකා රජය පැත්තෙන් ඉදිරිපත් කරලා නැති බවත් ටයිම්ස් පුවතේ සඳහන්.  

එහෙත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හෙවත් ඉන්දීය රජයේ ශ්‍රී ලංකාව තුළ සිටින නියෝජිත ආයතනය උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත්තේ එරට විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිශංකර් ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයාව මුණගැසීමට වෙලාවක් නැති වූ බවක්.

‘මේ හිඟන්නන් මුණගැහෙන්නෙ මොකටැයි?’ කියා ඉන්දීය විදෙස් ඇමති හිතුවාද දන්නෑ. නැත්නම් බැසිල් මහත්තයා ඉංග්‍රීසියෙන් කියන දේවල් තේරුම් ගන්න ජයශංකර් මහත්තයා ටියුෂන් යන්න හිතුවාද දන්නෑ. මොකෝ ඉතින්, දැන් කෙළවුණාම කොළඹ මිඩ්ල් ක්ලාස් හස්බන්ඩ්ලා ස්පා එකට ගොඩ වෙනවා වගේ සැරෙං සැරේ ෂේප් එකේ ඉන්දියාව පැත්තෙ ගොඩවදින්න ගත්තාට, ඉස්සර ඉන්දියාවක් නෑ වගේනෙ මෙහේ නායකයන් හිටියේ. චීනෙ ලොකු කරගෙනනේ හිටියේ.