සීඅයිඩීය දිලිත්ගෙ පත්තරවලටත් පක්කලි සර්විස්? ලේඛිකාවකගෙන් චෝදනා

දිලිත් ජයවීර නම් බලගතු ව්‍යාපාරිකයා සතු ධරණි නම් පුවත්පත ගැන අදහස් දැක්වීමක් කළ තමන්ට, සීඅයීඩීයෙන් විමර්ශන සඳහායැයි කියමින් කැඳවීමක් ලැබුණු බව ලේඛිකාවක වන උපේක්ෂා නුවන්ශ්‍රීනි ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබෙනවා.

ධරනි නම් පුවත්පතේ පළ වූ ලිපියක් ගැන සමාජ මාධ්‍ය සංවාදයක නිරත වීමෙන් පසු, ඇගේ ආයතනයේ කෙනෙකුට ‘සීඅයිඩී ඩිරෙක්ටර්’ යනුවෙන් ටෲ කෝලර් යෙදවුමෙහි පෙන්වන යම්කිසි අංකයකින් ඇමතුමක් ලැබුණු බව ඇය ඒ පෝස්ට් එකේ සඳහන් කරලා. ඇමතුම දීලා තිබුණේ වෙන කෙනෙකුගේ අංකයට වන නිසා, මේ අංකයට කතා කළේ ඇයිදැයි විමසද්දී කෝල් කළ කෙනා කියා තිබුණේ උපේක්ෂා නුවන්ශ්‍රීනිගේ නමට ලියාපදිංචි වූ දූරකථන අංක සොයා බලද්දී උක්ත අංකය ලැබී තිබුණු බවත්, ඒ නිසා ඒ අංකයට ගත් බවත්. කතා කරපු නිලධාරියා නම විදියට ‘බණ්ඩාර’ කියා කීවාලු.

මේ කතා කළේ වංචා සහගතව සීඅයිඩී ලෙස පෙනී සිටින කෙනෙකු විය හැකියි. ඇත්තටම පොලීසියද කියා පරීක්ෂා කිරීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව දූරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළත්, ඇමතුමට ප්‍රතිචාර ලැබුණේ නෑ. (ආන්සර් කළේ නෑ.)

ලංකාවේ සීඅයිඩීය එක් එක් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි දූරකථන අංක පවා සොයමින් යනවා. ඒක භයානක තත්වයක්.

රටේ සිදුවන භයානක අපරාධ පිළිබඳ විමර්ශන කළ යුතු අංශයක් වන සීඅයිඩීය ආණ්ඩුවට විරුද්ධව පුංචි ෆේස්බුක් පෝ්ස්ට් කියවා ඒවා ලියන අයව කැඳවීමේ ‘පක්කලි’ සර්විස් කරන ආණ්ඩු හාම්පුතුන්ගේ දඩබල්ලන් තත්වෙට වැටීම ගැන අපි මිට කලින් ඍජු විරෝධයක් දක්වලා තිබෙනවා. එහෙත්, දැන් එතැනිනුත් එහාට ගිහින් පාලක පවුලේ මිතුරු ව්‍යාපාරිකයන්ගේත් දඩ බල්ලන්ගේ තැනට සීඅයිඩීය පත්වෙලාද? මේ ලිපියෙන් නැගෙන පැනය ඒක.

අපි මේ ගැන වැඩිදුර කරුණු විමසීමටත්, සිදුවීම තහවුරු කරගැනීමටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාව සම්බන්ධ කරගැනීමට උත්සාහ ගනිමින් ඉන්නවා.

පහත දැක්වෙන්නේ උපේක්ෂා නුවන්ශ්‍රීනිගේ ලිපිය. දූරකථනයෙන් ටයිප් කළ නිසා ඇගේ අක්ෂර වින්‍යාසයේ සහ ඇතැම්විට වචනවල වැරදි ඇති බව ඇය විසින් පැහැදිලි කිරීමක් කර තිබුණා.

‘අඩ්‍යක්ෂ,

අපරාධ ව්මර්ශන දෙපාර්තමේන්තුව,

කොලඹ 01.

දිලිත් ජයවීර මහතා,

කළමනාකරණ අඩ්‍යක්ෂ

දෙරණ මාද්‍ය ජාලය.

නිසි හේතුවක් නොකියා කට උත්තර සදහා කැදවීම….

සුරංගා සමරනායක සම්බන්ධ ව

2022. 02.22 දින මාගේ කාර්‍යාලයේ ඩී.එම්.එම්.සිරිවර්ධන ගේ ජංගම දුරකථන යට පැම්නි ඇමතුමකි. එම අංකය තෲ කෝලර් මගින් පෙන්වනු ලබන්නේ ඩ් රෙක්ටර් සී සී අයි ඩී යනුවෙනි. එමගින් කතා කළ අයකු මගේ නම පවසා මාව දන්නවාද යයි අසා, මාවෙත දුරකථන ය දෙන මෙන් පවසා ඇත. ඇයගේ අංකය ලබා ගත්තේ කෙසේද යයි ඇය ව්මසූ පසු මගේ නම්න් ලියාපදිංචි වූ දුරකථන අංක ව්මසා ,ඒවාට පැම්නි දුරකථන අංක් ව්මසූ බවද එම නිලධාරීයා ව්සින් ප්‍රකාශකොට ඇත. ඉන්පසු මම අදාළ ඇමතුම ලබා ගතිම්.

ඉන් කියවුනේ ෆේස්බුක් එකේ මා ලියූ සටහන ක් සම්බන්ධ ව පැම්නිල්ලක් ලැබී ඇති බවයි.එය සිදු කළේ කවුරුන්දැයි ව්මසූ ව් ට නිසි පිලිතුරු නොලද්දෙන් මව්සින්ම ධරණි පුවත්පත දැයි ව්මසා අදාල නිලධාරීයාගේ නම ව්මසීමි.ඔහු මට පැවසුවේ අසම්පූර්ණ නමකි.ඒ බණඩාර යන්න පමණකි. නමුත් මීට පෙරද සිදුවීම් ගණනාවක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ට මා ලියූ ඇතැම් දෑ සම්බන්ධ කරුණු පැහැදිලි කොට ඇති අතර, ඒ සෑම අවස්තාවකම පැම්ණි නිලධාරීන් පැහැදිලි ව කට උත්තර ගන්නා කාරණය දුරකථන මගින් පැහැදිලි කළ අතර , කට උත්තර ගැනීමට පෙර සිය කාර්‍යාලීය හැදුනුම්පත බලන්න ට දී අනන්‍ය්තාවද සහතික කළේය.ඊයේ දින පැම්ණි අංක දෙකෙන් ජංගම දුරකථන අංකය තෘ කෝලර් ඔස්සේ පෙන්වනු ලබන්නේ FCID යනුවෙනි .FCID යනු මූල්‍ය වංචා ඒකකයයි.එය මේ කාරණාව හා කිසිම සම්බන්ධතාවක් නොමැත.

ඩරණි පුවත්පත සම්බන්ධ මා වෙත එවනු ලබන්නේ වසන්ති සේනාරත්න නම් පාටකයකු ව්සිනි.ඇය මාවෙත කිසියම් ස්ක්‍රීන්ෂොට් ප්‍රමාණය ක්ද එවා තිබ්ණ. ඒවා බැලූමම අතිශය පුදුම වීම්.ඒ එතරම් අවුල් සහගත ලෙස කැප්ශන් යොදා තිබීමයි.ස්වයංව්න්දනයේ යෙදෙන කාන්තාව න් සහේට ගන්න කැපදැයි දැමූ එම කැප්ශනය දෙරණ නාලිකාවේ ව්කාශනය වෙද්දි උක්ත පාටකයා සිට් නිවසේ උන් අවුරුදු 5ක කුඩා දරුවකු ඇගේ මවගෙන් අම්මේ ස්වයංව්න්දනය කියන්නෙ කුමක්දැයි අසා ඇත.එව් ට උක්ත පාටකයා ව්සින් ධරණි පුවත්පත් කතුවර සුරංගා සමරනායක වෙත දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.සිදුවීම පැවසූ ව් ට සුරංගා නමැති කාන්තාව උක්ත පාටකයා ගේ අයිතීන් උල්ලංඝනය වන ලෙස අව්නීතව කතා කොට ඇති අතර , ළමයා ගේ වයස කීයදැයි අසා, අවුරුදු 5ක් යයි කී ව්ට ඉතින් ලමයා ට ස්වයංව්න්දන ය කියන්නෙ කුමක්දැයි කියා දෙන ලෙස පවසා දුරකථන ය තබා ඇත.

ජනමාධ්‍ය නීතියේ පාථක අයිතීන් වෙනම පවතී.ව්කාශන කාලය යනු පාටක, ප්‍රේක්ෂක අයිතියකි.පුවත්පත ක පළ වූ යමකින්, රූපවාහිනී යේ ව්කාශනය වූ යමකින් සිය අයිතීන් උල්ලංඝනය වූ ව්ට එය ව්වේචනය කිරීමට මෙන්ම මානව හිම්කම් කඩවීම් ප්‍රකාරව නීතිමය පියවර ගැනීමට පවා පුලුවන.අනෙක ක් තබා තමා ප්‍රියතාවෙන් නැරබූ නාට්‍යයක් අතරමග වාරණය කරනු ලැබුවහොත් ඒ සම්බන්ධවද මානව හිම්කම් කොම්සමේ නඩුවක් ගොණු කිරීමට ප්‍රේක්ෂකයා වෙත පුලුවන.

පුවත්පත ක කතෘ තනතුරක් යනු ගරු තනතුරකි.බොහෝ ව් ට එබදු තනතුරු පිරි නමන්නේ කොරස්පොන්ඩන්ට් කෙනෙක් ගේ සිට කෙමෙන් මාද්‍ය ජීවිතයේ වසර ගණනක් දිගු පියවරක් පැම්ණි උගත්තුය..ව්‍ යත් හුය. ජී.ඩබ්.සුරේන්ද්‍ර , කරුණාදාස සූරියආරච්චි ,බී සිරිසේන නිදසුන්‍ ය. බොහෝ ව් ට මේ පුටුවේ ඉද ගන්නේ දැනුමෙන් මුහුකුරා ගිය තලත්තෑනි ම්නිසුන් ය.පුලුවන් කතුවර යකුගේ ඉලක්ක වෙළෙඳපොළ පාටකයාය.එබැවින් ඔවුන් වෙතින් එය ව්චාර සහ ව්වේචනය ඉවසා ගත හැකි අයකු එම තනතුරෙහි පිහිට වීම අනිවාර්යයෙන් සිදුව් ය යුතුය.

සුරංගා සමරනායක මාද්‍යවේදීනියක් නොවේ.ඊට සම්බන්ධ කිසිදු අඩ්‍යාපන සුදුසු කමක් ද නොපෙනේ.ලංකාදීප පුවත්පතේ ඇඩ්වර්ටයිසින් සදහා සම්බන්ධ වූ ඇය එක්වරම කතෘ පුටුවේ වෑඩ්කළ ව්ට උක්ත තනතුරේ බරපතල භාවය නොවැටහීම සාමාන්‍යය කරුණකි.නාරද කරුණාතිලක නම් ජේශට මාද්‍යවේදී යා සංස්කාරක ව සිට් යදී මම ද අරුණ පුවත්පතෙහි ග්‍රන්ථ ව්චාරය සිදු කලෙම්.එය ශාස්ත්‍රීය සහ මාද්‍ය මූලදර්ම මත පිහිටන ලිවීමක් වූ අතර ඒ වෙනුවෙන් ව් යතුන්ගේ ප්‍රසාද ලිපි පවා සංස්කාරක වෙත ලැබී තිබුණි. අසභ්‍ය සහ කුඩා දරුවන් ගේ මනස පවා ව් යවුල් වන ආකාරයෙන් ජනමාද්‍යකරණයේ නියැලෙම්න් සිට ඊට ලැබෙන පාටක ප්‍රතිචාර පමණක් ව්නීත ව් ය යුතුයයි අදාල කතෘ සිතන්නේ නම් එය ව්හිලුවකි.සමාජ මාද්‍ය තුළ මුද්‍රිත මාද්‍යයට වඩා නිදහස පවතී. ජනාධිපති ,අගමැති ගේ සිට ජායාරූප සංස්කරණ ය වෙම්න් ශෙයා වෙයි. ඔවුන්ගේ පිටුවලම ආවේගයන් මුදා හැරෙ.ඒ කිසිවකට කිසිවක් සිදු කිරීමට නොහැකි බව මා දැන ගත්තේ ද සයිබර් ක්‍රයිම් එකෙනි.

2020.10.1-10 අතර කාලයේ මා චතුර අත්තනායක නමැති අයකුගේ සෙක්ශුවල් හැරස්මන්ට් එකක් සම්බන්ධ සිදුකළ ලිවීමකට පසු චතුර අත්තනායක සහ චරිත් ජනප්‍රිය යන දෙදෙනකු ව්සින් මගේ ජායාරූප පවා අවභාව්ත කරම්න් ලියුවා පමණක් නොව චතුර අත්තනායක නමැත්තා රජයේ කාර්‍යයලය ක් වූ මගේ සේවාස්තානයට ඇමතුම් කොට මට ජීව්ත තර්ජන පවා කරද්දී කුරුදුවත්ත පොලීසියේ උපදෙස් පරිදි මා ව්සින් 2020 10.13 දෙන කොලඹ 01 හි ඇති අපරාධ ව්මර්ශන දෙපාර්තමේන්තුව යටතේ ඇති සයිබර් ක්‍රයිම් අංශය වෙත උක්ත සිදුවීම හා එය සනාත කරන තිර පිටපත් ද සහිත ව්ධිමත් පැම්නිල්ලක් සිදු කළෙම්.නමුත් ඒ සදහා මට පිලිතුරු ලැබුණේ ඊට හරියටම අවුරුද්දක් ගිය පසුවය.කට උත්තර සද හා හෝ කිසිදු කැදවීමක් නොකොට ඔවුන් පැවසූවෙ මෙබන්දකි.අපිට නීතිමය පියවර ගන්න පුලුවන් ළමා අපචාරයක් ,ම්නී මැරැමක්,නියුඩ් ෆොටෝ සම්බන්ධ සිදුවීම ක් නම් ව්තරයි .ඕන නං ම්ස්ට අපහාස කරලා එයාලා දාපු පෝස්ට් මම ඉවත් කර දෙන්න ම්. එපමණ ප්‍රබල සයිබර් ප්‍රහාරයක දී මට යුක්තිය ඉටු වූයෙ එලෙසිනි.

ඉන්පසු මම පොලිස්පති වෙත උක්ත පැම්නිල්ල ඉදිරිපත් කලෙම්.එය වහා කොලඹ ආමර් වීදියේ ළමා හා කාන්තා ඒකකය වෙත යොමු කොට මගෙන් පැය 9ක කට උත්තර යක් ද නිරෝශනී බුලත්සිංහල ගෙන් ද එබදුම කට උත්තර යක් ද ලබා ගන්නා ලදී.නමුත් එතන ද ප්‍රශ්නය වූයේ කෙනෙකු අත් අඩංගුවට ගත හැක්කේ අපරාධ නීතිය යටතේ බවත්, සාමාන්‍යය පින්තූර සංස්කරණ , කුනු හරප, අපහාස ආදියට ක්‍රියාත්මක වීමට නීතිමය රාමුවක් නොමැති බවත් ය.එයින් චරිත් ජනප්‍රිය ට එරෙහිව කිසිදු නීතිමය පියවර ගත නොහැකි ව් ය.නමුත් චතුර අත්තනායක ගේ ස්ක්‍රීන් ශොට් සියුම්ව පිරික්සා ළමා හා කාන්තා කාර්‍යාංශය එක් පොටක් පාදා ගත් හ.ඒ ඔහු චතුර අත්තනායක නම්න් තිබූ ගිනුම රී නේම් කොට නිහාල් ව්ජේතුංග නම්න් ගිනුම සකස්කොට මගේ ජායාරූපය ක් යොදා , මා කෙට්ටුවීමට හේතුව ඒඩ්ස් යයි ලියා තිබ්ණි.එය අපරාධ වරදකි.ලේ සාම්පල යක් පරීක්ෂා වෙන් බ්දි ය හැකි තර්කයකි.චතුර අත්තනායක ව අල්ලා ගත්තේ එසේය.

රටේ සාමාන්‍යය නීතිය එසේ නම් ජනමාධ්‍ය ආචාර දර්ම උල්ලංඝනය කළ පුවත්පත් කතුවරියක සම්බන්ධ ව අපරාධ ව්මර්ශන දෙපාර්තමේන්තුව වෙත මා කැදවීමට ඇති නීතිය කුමක්ද?අනෙක ආයතනයේ නිලධාරීන් වෙත දුරකථන ඇමතුම් දී රජයේ නිලදාරියෙක් ලෙස මට සිදු කල අවමානයට අදාළ ව්ස්තර ද භාවිතා කොට දරනි කතුවරියට එරහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව දන්වම්.

එමෙන්ම, ධරණි කතුවරිය වන සුරංගා සමරනායක ව්සින් මව්බ්මේ සේවය කොට ආයතන නීති පවා උල්ලංඝනය කොට තමා යටතට ගත්, සෙව්වන්දි ආර් සෙනෙවිරත්න යන අය මගින් මව්බ්ම වෙබ් අඩව් යේ සේවය කළ කුමුදු සෙනෙවිරත්න අය ද රවටා ආට්කල් එකක් කිරීමට යයි අසත්‍ය පවසා මගේ ජංගම දුරකථන අංකය රැගෙන අවභාව්ත කොට ඇත.එය ද ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම කි. එබැවින්

සුරංගා සමරනායක

සෙව්ව්න්දි හෙට්ටිආරච්චි

කුමුදු ජයවර්දන යන අයට එරහිව ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කොට පාටක අයිතිය අවභාව්ත කිරීම යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන අතර, අපරාධ ව්මර්ශන දෙපාර්තමේන්තුව වැනි ආයතනය ක කීර්ති නාමය කාන්තාව න් ගේ දැන ඇදුනුම් කම් මත නීතිමය රාමුව උල්ලංඝනය කරන නිලධාරීන් නිසා අවලස්සන කර නොගන්නා ලෙසද ඉල්ලම්.

එමෙන්ම ,දිලිත් ජයවීර නමැති උගත් නීතිමය දැනුමෙන් පරිපූර්ණත්වයට පත් දෙරණ මාද්‍යජාලයේ සභාපති වෙත මට කීමට ඇත්තේ පෙර පිටපත් 50,000අලව් වූ ධරණි පුවත්පත මහජන ව්හිලු වක් බ්වට පත්වීමට ඉඩ නොදී ඉවසීම, පාටක ගරුත්වය ,මාඩ්‍ය නීතිය , ආචාර දර්ම ප්‍රගුණ කළ උගත්,දක්ෂ කාන්තාවකට එම අසුන පිරිනමන ලෙසටය.

ස්තුතියි !

මෙයට ව්ශ්වාසී,

උපෙක්ෂා නුවන්ශ්‍රීනි

පිටපත් –

01.ළමා හා කාන්තා කාර්‍යාංශය

02.පොලිස්පති ,ශ්‍රී ලංකා පොලිස් කොම්ශන් සභාව’

සිදුවීමට මුල් වූ ෆේස්බුක් පෝස්ටුව
සිදුවීමට මුල් වූ ෆේස්බුක් පෝස්ටුව 2