අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපයූ නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් ගැන තොරතුරු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා ගැන විශේෂ විමර්ශනයක් කරනවා කීවාට, මේ වෙද්දී හරිහැටි පියවරක් ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරලා නැති බව මව්බිම පුවත්පත හෙළිදරව් කරලා.
එහි මාධ්‍යවේදී දසුන් රාජපක්ෂ ලියූ වාර්තාවක සඳහන් වන්නේ ‘පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නම් ඔවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු යම් පාර්ශ්වයක් ලබා දිය යුතු’ බවක් දේශීය ආදයම් කොමසාරිස් එච්.එම්.ඩබ්ලියු.සී.බණ්ඩාර සදහන් කරපු විත්තිය.
මීට කලින් ඔක්තෝබර් 13 වැනිදා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් කියා තිබුණා පැන්ඩෝරා පත්‍රිකා ගැන විමර්ශනයක් ආරම්භ කරපු බවක්.
ඒ කියන්නේ සියලු විස්තර, සැකිලි සමාගම් ඇතුළු තොරතුරු සහිත මහා වාර්තාවක් තිබුණාට මදිලු. සම්පූර්ණ තොරතුරු හෙළිදරව් කළාට මදිලු. තව මොකක්ද එකක් ඕනෑලු.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වන්නේ බදු අය කළ යුතු අයගෙන් බදු ලබාගැනීමත්, බදු පැහැරහරින අය ගැන පියවර ගැනීමත්. අයථා විදියට සල්ලි හම්බ කරපු අය ගැන ඇහැ ගහගෙන සාමාන්‍ය මහජනයා වෙනුවෙන් අය කරන්න ඕනෑ බදු අය කිරීම ඔවුන්ගේ වගකීම. ඉන්දියන්, ඇමෙරිකන් චිත්‍රපටිවල අපි දකිනවා මේ දෙපාර්තමේන්තුවල නිලධාරීන් කොච්චර කාර්යක්ෂම විදියට රාජකාරී කරනවාද කියා. (චිත්‍රපටිවල තියෙන්නේ හැබෑව නොවුණාට, ඒවා හැදෙන්නේ හැබෑව ඇසුරෙන්.)
අපේ අයියලා ‘අලේ අපට අලි තොලතුලක් ඥෑඥී…’ කියමින් මාස හතරක් තිස්සේ මෙය මඟහැරීම බරපතල අවුලක්. මේක දේශපාලන පවුලක් බදු පැහැරහරිමින් විදේශ රටවල ධනය සැඟවීම ගැන මෑත කාලයේ අපේ රටට අදාලව හෙළිවෙච්ච දැවැන්තම හෙළිදරව්ව.
ඒ ගැන පියවරක් ගන්නැතුව ඉඳීමෙන් අයථා විදියට සල්ලි හම්බුකරන අනෙක් අයටත් ‘උඹලා බයනැතිව හම්බ කරපල්ලා. අපි කිසිදෙයක් කරන්නෑ.’ කකියන පණිවිඩය යනවා.