පාස්කු ප්‍රහාරය ගැන යුරෝපය කළඹයි! කාදිනල්තුමා යයි! ලොකු විරෝධයකුත්?

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් පෙබරවාරි 28 වැනිදා පාප් වහන්සේ හමු වී ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත්, එහිදී පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම ගැන කතා කිරීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

මීට අමතරව ශ්‍රී ලාංකික කතෝලික ජනතාව නියෝජනය කරන පිරිසක් ජිනීවාහි පැවැත්වෙන ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිල සැසිවාරයටත් සහභාගී වෙන්න නියමිතයිලු.

ඊටත් අමතරව පෙබරවාරි 27 වැනිදා උදේ 11ට යුරෝපයේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ශාන්ත පීටර්ස්බර්ග් චතුරස්‍රයට එකතුවෙන්න කියලා කැඳවීමකුත් කරලා තියෙනවාලු.

ඒ අනුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරවාගැනීම ගැන ජාත්‍යන්තර මට්ටමට තීරණාත්මක දැනුම්දීමක් ඉදිරි දින කිහිපය තුළ සිදු වේවි.

මෙම සාකච්ඡාව පාප් හිමියන් සහ කාදිනල් හිමියන් අතර සතරකන් මන්ත්‍රණයක් බවත් එම වාර්තාවල සඳහන්.

මැල්කම් රංජිත් කාදිනල් හිමි මේ වෙද්දී වතිකානු සංචාරයක නිරත වෙනවා. පෙබරවාරි 27 වැනිදා පාප්තුමා සහභාගී වෙන දේව මෙහෙයකටත් එහිමියන් සහභාගී වෙනවාලු. ඒ දේව මෙහෙය ඉවරවුණාට පස්සේ ශ්‍රී ලාංකික කතෝලිකයන් හා මැල්කම් රංජිත් හිමි පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා තව විශේෂ දේව මෙහෙයකුත් කරනවාලු. ඒ කටයුතු වෙනුවෙන් තමයි උදේ 11ට එකතුවෙන්න කියා ඉල්ලලා තියෙන්නේ. එම එකතුවීම විරෝධතාවක් ආකාරයෙන් සංවිධානය වෙන්නත් ඉඩ තියෙනවා. මේ කැඳවීම කරලා, කටයුතු සංවිධානය කරලා තියෙන්නේ ‘යුක්තිය උදෙසා ලෝක සංවිධානයේ’ ස්ටීවන් ම්‍යුලර්.