පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකරගැනීමට ජාත්‍යන්තර සහය ගැනීම හැර වෙනත් විකල්පයක් නොදකින බව ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය (බිෂොප් කන්ෆරන්ස් එක) නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණා.
මේ නිවේදනය ඉතාම තීරණාත්මක වන්නේ හුදෙක් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරපු හුදු ප්‍රකාශයකට එහා ගොස්, ලංකාවේම රදගුරුතුමන්ලාගේ ආයතනයේ නායකත්වය මේ ප්‍රකාශය කර තිබීම. ඒ වගේම ජාත්‍යන්තර සහය හැර ‘වෙන විකල්පයක් නැති’ බව එහි ප්‍රකාශ කිරීමත් හරිම තීරණාත්මකයි.
මීට කලින් ලංකාව තුළ යුක්තිය නැති වුණොත් විකල්පයක් විදියට ජාත්‍යන්තරයට යන බව තමයි කතෝලික සභාවේ ස්ථාවරය වී තිබුණේ. එහෙත් මේ නිවේදනයෙන් පෙනෙන විදියට ජාත්‍යන්තරයට යෑමට ස්ථීර වශයෙන්ම තීන්දු කරලා.
පසුගිය සතියකට වැඩි කාලය තුළ හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර පිළිබඳ නඩු තීන්දුවත්, ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමත්, ශානි අබේසේකර මහතාගේ පෙත්සමත් එක්ක පාස්කු ප්‍රහාරය ගැන කතිකාවත තවත් අදියරකට පා තැබුවා. මේ නිවේදනය එහි ප්‍රතිඵලයක් විය හැකියි.
පාස්කු දා ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම පමාවීම පමණක් නොව සත්‍ය සැඟවීමටත්, දේශපාලන වාසි සඳහා මෙම ඝාතන ප්‍රයෝජනයට ගැනීමේ සහ ප්‍රශ්න සංකීර්ණ කිරීමේ උත්සාහයක් පවතින බව පෙනෙන්නේ යැයි නිවේදනයේ තියෙනවා.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ජේ. වින්ස්ටන් එස්. ප්‍රනාන්දු බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම්, ජේ. ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමන්ගේ අත්සනින් මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා.
