භාණ්ඩ 600ක් පාවිච්චිය නවත්තන්නට! කබ්රාල් ලිස්ට් එකක් දමමින් ඉල්ලලාලු

ලංකවට ආනයනය කෙරෙන භාණ්ඩ වර්ග 600ක බදු වැඩි කරන්න කියා ඉල්ලමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රජයෙන් ඉල්ලීමක් කළාලු. ඒ බව ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදී සුජිත් හේවාජුලිගේ වාර්තා කරලා.

මාධ්‍ය වාර්තාවේ සඳහන් නොවුණාට, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලීමෙහි උක්ත භාණ්ඩ ලැයිස්තුවත් සඳහන්ලු.

මේ භාණ්ඩ වර්ග ‘අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ’ විදියට තමයි ප්‍රවෘත්තියේ හඳුන්වලා තියෙන්නේ. එහෙත් මේ වෙද්දී ආණ්ඩුව ඔය ලේබල් එක ගහලා බදු ගහපු, ආනයන සීමා කරපු බොහෝ භාණ්ඩ හාල්, පරිප්පු, සීනි තරම් අත්‍යවශ්‍ය නොවුණත් මහා ‘සුඛෝපභෝගී’ භාණ්ඩ නෙවෙයි. ඒ කියන්නේ ‘සෙක්ස් ටෝයිස්’, ‘ලැම්බොගිනි’, ‘බ්‍රෑන්ඩඩ් ඇඳුම්’, ‘ඒසී යන්ත්‍ර’, ‘දැවැන්ත ටීවී’, ලක්ෂ ගණන් වටින පරිගණක ආදී සුඛෝපභෝගී භාණ්ඩ විතරක් නෙවෙයි, සාමාන්‍ය විදුලි උපකරණවල ඉඳන් මේ නවීන ලෝකයේ ඕනෑ රටක මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩ බොහොමයක් ඔහුගේ ‘සුඛෝපභෝගී’ ලැයිස්තුවට අයිති වෙනවා.

අලුතින් බදු අය කරන්න යෝජනා වෙච්ච භාණ්ඩ මොනවාදැයි ඉදිරියේදී දැනගන්නට ලැබේවි. එහෙත්, ලංකාදීප පුවතේ තියෙන විදියට මහ බැංකුව මේ වෙද්දී බදු අය කළ යුතු එවැනි භාණ්ඩ මොනවාදැයි හොයමින් ඉන්නවාලු. ඒ කියන්නේ හරියට බදු වැදිච්ච නැති භාණ්ඩ හොයනවාලු.

රටේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කරන්නලු බදු පිට බදු ගහන්න ඉල්ලන්නේ. මීට කලින් බැඳුම්කර ණය වාරිකය නොගෙවා සල්ලි ඉතිරි කරන්න කීවාම, අයිඑම්එෆ් බේල්අවුට් පැකේජ් එක ගන්න කීවාම ඒක නොකරපු අය මිනිස්සුන්ගෙ එදිනෙදා භාණ්ඩවලට මහා බදු ගොඩක් ගහලා සල්ලි හෙවීම නින්දිතයි.

මේ බදුවල අරමුණ ඒ භාණ්ඩ පරිහරණය අධෛර්යමත් කිරීමලු. ඒ කියන්නේ අත්‍යවශ්‍ය කෑමබීම ටික විතරක් කාලා, ගෝත්‍රික, අල්පෙච්ඡ, හිඟන ජීවිතයක් ගත කරමින් සල්ලි ඉතිරි කිරීමයි පැලෑන. එයාලාත් එහෙම ජීවත් වෙනවානම් කමක් නැහැ.

පඩි හැටහුටහමාරක් තියෙන කබ්රාල් මහත්තයට කොච්චර බදු ගැහුවත් මොකෝ?