අලුත් ඡන්ද ක්‍රමයක් හදාගන්නකල් පරණ ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්න ඕනැ කියා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කරපු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කරනවා කියා ඒකේ සභාපති දිනේෂ් ගුණවර්ධන කියා තියෙනවා.
මේ කමිටුව පෙබරවාරි 24 වැනිදා රැස්වෙච්ච වෙලාවේ ඒ තීන්දුව අරන් තියෙන්නේ. ආණ්ඩුව ආපු දවසේ ඉඳන් හෙමිහිට, හෙමිහිට තටමන කමිටුවක් බවට මේක පත් වෙලා. රට කඩාවැට්ටූ වියපත් අසාර්ථක දේශපාලන නායකයන්ට නීතියක් සම්මත කරගන්න කීවාම ඉතින්, රැස්වෙවී, සාකච්ඡා කර කර මාර තැටමිල්ලක් තටමන්නේ. හැබැයි අපි ඔය අයට පඩි ගෙවනනේ ඒ වැඩේ කරන්න.
හරි, අනවශ්‍ය කතා ඕනෑ නැහැ.
මේ ඇවිල්ලා ජිනීවා ගුණ්ඩුවක්. ගිය අවුරුද්දේත් ජිනීවා ළංවෙද්දී ඉන්දියාව ෂේප් කරන්නට හදිසියේ පළාත් සභා තියන බව කීවා. ඒත්, බොරුව දාගෙන අවුරුද්දක් තිස්සේ කතාව ඇද්දා.
අනෙක් පැත්තෙන් මෙච්චරකල් පළාත් සභා ඡන්දෙ ඇද්දේ අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්න වෙලා යනවා කියලා. අවුරුදු ගාණක් තිස්සේ ඕක හදාගන්න බැරි මේ දේශපාලුවන්ට අපි පඩි ගෙවන්නේ මොකටද කියන එකක වෙනම ප්‍රශ්නයක්.
ඔක්කොම කතා කරලා, කතා කරලා ඉවරවෙලා අපි පරණ ක්‍රමයට තියනවා කියා මේ අකාර්යක්ෂම, වියපත්, මන්දගාමී, රටට බරක් වූ මිනිස්සු කියද්දී අපි හිනා වෙන්නද? අඬන්නද?
කොහොමහරි ඒ ඡන්දය ඒ විදියට ‘ඉක්මනින්’ (මේ ආණ්ඩුවම අවුරුදු දෙකහමාරක් කල්දාලා) තියනවාලු. ඒ අතරේ සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාතික ක්‍රමයට සියයට 40ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කරනවා කියලාත් දාලා.
ඒ කියන්නේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ඡන්දවලට එන අලුත් නීති ගැන. ඕවා හදන්න තව දශකයක්වත් යයි මේ නාකි ඉබ්බන්ගෙ රේස් යන වේගෙ අනුව. මෙයාලගෙ අනෙක් හැම බයිලයක්ම මාර වේගෙන් කළාට ටිකක් ඉක්මනට නීතියක් කෙටුම්පත් කරලා සම්මත කරගන්න මේ අයට බෑ.
පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධුර 02ක් ලබා දීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු කීවාලු.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ට සීමා කිරීමටද එකඟ වුණාලු.
පාර්ලිමේන්තු සහ පළාත් සභා සඳහා නව මැතිවරණ නීතී සම්පාදනයේදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට සියයට 60 ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40 ක් වන පරිදි දිස්ත්‍රික්කය තුළ සීමා නිර්ණය කිරීම සඳහා නිර්දේශ කිරීමටද කාරක සභාව එකඟතාවය පළ කළාලු.
සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය සියයට 25 ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ වුණාලු.
මීට අමතරව දේශපාලන පක්ෂ පිළිගැනීම සහ අවලංගු කිරීමේ නව නීතී, දේශපාලන සන්ධානයන් ලියාපදිංචි කිරීමේ නව නීතී ගෙන ඒම සම්බන්ධයෙන්ද නිර්දේශ ඇතුළත් කිරීමට කාරක සභාවේ එකඟතාවය ලැබුණු බව දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරලා.