ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවලා. ඒ චමුදිත සමරවික්‍රමගේ නිවසට තර්ජනය කරමින්, අසූචි ප්‍රහාර එල්ල කොට, පලා ගිය පුද්ගලයන් සොයන විමර්ශනය වෙනුවෙන්.
දවස් කිහිපයක්ම ගත වුණත්, තවම සිදුවීමට අදාල සැකකරුවන් හොයාගන්න පොලීසිය අසමත් වෙලා තියෙනවා.
එයින් කියැවෙන්නේ නැහැ සිදුවීමට ඇයව සැක බව. ඇයට විවේචනයක් වන විදියේ වාර්තාකරණයක චමුදිත සමරවික්‍රම මහතා නිරත වූ නිසා, ඇගෙන් ප්‍රකාශයක් ගන්නටයි කැඳවලා තිබුණේ.
මීට කලින් චමුදිතගේ වීඩියෝවකට පුෂ්පිකා සහභාගී වීමත්, ඇයට එරෙහිව අදහස් දැක්වූ සාකච්ඡා චමුදිත විසින් මෙහෙයවා තිබීමත් නිසා තමයි ඇගෙන් ප්‍රශ්න කරන්නේ.
(මෙහි එන ඡායාරූපය පුවතේ සඳහන් පොලීසියට ගිය අවස්ථාවේ ගත් එකක් නොවේ. එය ඇය මීට පෙර අවස්ථාවක පොලීසියට ගිය අවස්ථාවේ ගත් එකකි.)