කලබල වෙන්න එපා! අභියෝග ජය ගන්න ආණ්ඩුවට පුළුවන් – බැසිල් කියයි!

රට හමුවේ ඇති අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළ බව කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය මඟින් පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍යවරුන් කළ විමසීම්වලට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව පවසා ඇති බව වාර්තා වේ සදහන් කර ඇත.

ඉන්ධන හිඟය, විදුලි අර්බුදය යනාදි කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙහිදී අදහස් දැක්වූ බවත් එම අදහස්වලින් අනතුරුව මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ සියලු ගැටලු තාවකාලික ඒවා බවත් වාර්තාවේ සදහන් කර ඇත.

එම ගැටලු විසඳීමේ හැකියාව ආණ්ඩුවට තිබෙන බැවින් කලබල නොවී සිටින්නැයි මුදල් අමාත්‍යවරයා සෙසු අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් දිනමිණ වාර්තා කර ඇත.