පෙබරවාරි 22 වැනිදා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ආරක්ෂාව ගැන ප්‍රශ්න කළාට පසසේ, එය රට පාවාදීමක් ලෙස හුවා දක්වමින් පොලීසිය භාර අමාත්‍ය සරත් වීරසේකර ප්‍රතිචාර දක්වා තිබුණා.
විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය තුළ චමුදිතගේ සිදුවීම පමණක් නෙවෙයි, පොදුවේ මාධ්‍යවේදීන්ට සහ අදහස් ප්‍රකාශ කරන්නන්ට සීඅයිඩීය ඇතුළු ආයතනවලින් එල්ල වූ තර්ජන ගැනත් සඳහන් කළා. මේ දේවල් තමයි ‘රට පාවාදීම්’ ගැන සුපුරුදු චෝදනාවට දාලා අමාත්‍යවරයා අර්ථකනය කළේ.
සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්.
‘චමුදිතගේ නිවසට ගල් ප්‍රහාර සහ අසූචි ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. නමුත් ඔහුට ශාරීරික හිංසාවක් සිදු කර නැහැ. මේ සම්බන්ධයෙන් පිළියන්දල මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමකට අනුව එමගින් අපරාධයක වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරලා තියෙනවා. ඒ අනුව උපදෙස් පතා වින්දිතයන් හා සාක්ෂිකාරයන් පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීම් කරලා තියෙනවා. එතෙක් නිවසට ආරක්ෂාව සපයලා තියෙනවා.
චමුදිතගේ ගෙදර ගේට්ටුවේ බොහෝ කලක ඉඳන් පොලීසිය පොතක් දාලා තියෙනවා. එදාත් පොලීසිය ගිහින් විමර්ශනයට ලක් කරලා තියෙනවා. තවත් ජංගම මුර සංචාරවලින් නිවස අවට ප්‍රදේශය ආවරණය කරනවා. ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවය මගින් වාර්තාවක් කැඳවලා තියෙනවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් වෙලා තියෙනවාද බලන්න.
සිද්ධිය වෙච්ච හැටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් නිවසට ගියා. සොකෝ, විශේෂ කණ්ඩාමක් ගියා. සුනඛයින් දැම්මා ඉව අල්ලන්න. සීසීටීවී කැමරා අනූදෙකක් විශ්ලේෂණය කරනවා. අපැහැදිලි ඒවා මොරටුව විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා පැහැදිලි කර ගන්න. ඒ වගේම තමයි දූරකථන කුළුණුවලින් විශාල සංඛ්‍යාවක් දැනටමත් විශ්ලේෂණය කරගෙන යනවා.
මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ නිල සහ නිල නොලත් තත්වයන් උපයෝගී කරගෙන මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා කියලා. මම හිතන්නේ ඔබතුමා ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක් හැටියට තමයි. ඒක කණගාටුවක්.’
රටේ මාධ්‍ය නිදහස පවතින බව ඔප්පු කළ යුත්තේ ආණ්ඩුව බවත්, නිදහස නැති බවක් හැඟෙනවා නම් එයට වගකිව යුත්තේ ආණ්ඩුවම බවත් මෙයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවා. වීරසේකර ඇමතිවරයාගේ ප්‍රකාශය බොළඳ, තුච්ඡ ප්‍රකාශයක් බවත් විපක්ෂ නායකවරයා කීවා.
‘ඩලස් අලහපෙරුම ජනමාධ්‍ය ඇමතිවරයා කියා තියෙනවා ප්‍රහාරයට රජය සම්බන්ධ නැහැ කියලා. හැබැයි මේ ප්‍රහාරය එල්ල කරපු කණ්ඩායම අත්අඩංගුවට ගන්නට අපොහොසත් වුණොත් එතුමාත් නිගමනයට එනවා කියලා, රජය සම්බන්ධයි කියලා.’ යනුවෙනුත් විපක්ෂ නායකවරයා එහිදී කීවා.