දිනකට කෝටි 55ක් පාඩු ලබන තෙල් සංස්ථාව වසරකට කෝටි 150ක බෝනස් ගෙවලා

  • සේවකයන් 5,200කට වසරකට බෝනස් තුනක්
  • මාසයකට කෝටි 25 – 30 අතර අතිකාල දීමනාත් ගෙවලා

දිනකට රුපියල් කෝටි 55ක් (මිලියන 551ක්) පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම සඳහා පමණක් වසරකට රුපියල් කෝටි 150ක් පමණ වැය කරන බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

සේවකයන් 5,200කට පමණ පිරිසකට වසරකට තුන්වරක් ඛනිජ තෙල් සංස්ථාව මෙසේ බෝනස් ලබා දී ඇති අතර ඛනිජ තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් සඳහා මසකට රුපියල් කෝටි 25 – 30ක අතිකාල (OT) ගෙවන බවද සංස්ථාවේ මූල්‍ය අංශ පවසා ඇති බව වාර්තා වේ සදහන් කර ඇත.

ඩොලර් බිලියන 3.71ක් එනම් රුපියල් බිලියන 750කට වැඩි ණයක් සහිත, ආණ්ඩුවට පසු ලංකාවේ සිටින ලොකුම ණය ගැතියා ඛනිජ තෙල් සංස්ථාව බවත් බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා තිබුණි.