නූතනයේ විවිධ රාජ්‍ය මාදිලින් ධනේෂ්වර ආර්ථික කටයුතු මෙහෙයවනු ලබයි.එහි දී බොහෝ රාජ්‍යයන් විසින් අත්‍යවශ්‍යයෙන්ම හා විශේෂයෙන්ම අවධානය යොමු කරනු ලැබූවක් ලෙස සාර්ව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය අපට හදුන්වා දිය හැකි ය. මෙහි දී සාර්ව ආර්ථික විද්‍යාව මගින් අර්ථවත් වනු ලබන්නේ සමස්තයක් ලෙස ආර්ථික ක්‍රමයේ හැසිරීම හෝ ආර්ථික ජීවිතයේ පුළුල් සමාහාර විචල්‍යයන් අධ්‍යයනය කිරීමයි. එය ජාතියක නිෂ්පාදනය, සේවා වියුක්තිය, සේවා නියුක්තිය, මිල මට්ටම ආදිය පිළිබඳ මූලික ආර්ථික ප්‍රශ්න සමඟ අවධානය යොමු කෙරේ.
උදාහරණයක් වශයෙන් සාර්ව ආර්ථිකය මගින් සියලුම නිෂ්පාදන හා පාරිභෝගික යන භාණ්ඩවල මිල ගණන්හි සාමාන්‍ය හැසිරිීම අධ්‍යයනය කරන අතර සමස්ත සේවා නියුක්ති අනුපාතය තිරණය කරනු ලබන්නේ කුමක් විසින්දැයි අධ්‍යයනය කෙරේ. කෙසේ වුව ද අද වන විට හේතු ගණනාවක් මත මෙකී සාර්ව ආර්ථිකය විශේෂිත වූවකි. එනම් ජාතියක සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට මූලික පදනම මෙකී සාර්ව ආර්ථිකය වීම යි. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නව ආකාරයකට සකස් කිරීම, සාර්ව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය යි. එහි දී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වන රාජ්‍ය වියදම්, බදු හා මුදල් සැපයුම වෙනස් කිරිම තුළින් ජාතියක ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිවිය හැකි නිසා රාජ්‍ය ආර්ථිකයේ ප්‍රතිපත්ති සාදනු ලබයි. කාළගුණය සම්බන්ධව අපට කිසිවක් කළ නොහැකි වුව ද රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ඥානවන්ත ද අදූරදර්ශී ද යන්න සමාජයේ අනාගත ජීවන තත්ත්වයන් කෙරෙහි විශාල බලපෑමක් කළ හැකිය.
මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මැතිවරණ කාලවල දේශපාලන වේදිකාවල රංගනයේ නිරත වන දේශපාලනාඥයනගේ බොහෝ පොරොන්දු පදනම් වී ඇත්තේ සාර්ව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයන් සමග ය. උදාහරණ ලෙස සේවා ලබාදිම, භාණ්ඩ මිල අඩු කිරීම, රාජ්‍යයේ වියදම් අඩු කිරීම ඒවා අතර ප්‍රමුඛ වේ. කෙසේ වුව ද, තරඟකාරී දේශපාලකයන් ඉදිරිපත් කරන අදහස් කිරා මැන බැලීමේ දී සැබවින්ම රාජ්‍යයට කළ හැකි, නොකළ හැකි දේ මනාලෙස අවබෝධ කරගැනීම වැදගත් ය. එහි දී නියම සාර්ව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රධාන අංශ හතරකි. ඒවා නම්,
- නිමැවුම
- මිල ගණන්
- සේවා නියුක්තිය
- විදේශ අංශය, වේ.
මෙහිදී නිමැවුම මගින් භාණ්ඩ හා සේවාවන්හි ඉහළ නිමැවුමක් මෙන් ම වේගවත් වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර සේවා වියුක්තිය අවම කිරීම, භාණ්ඩ හා සේවා සඳහා ස්ථායි මිල නියම කිරීම මගින් සමාජයේ හෙට දවස තීරණය වේ.සාර්ව ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය මගින් වෙළඳපොළ ක්‍රියාකළ යුත්තේ කෙලෙසද යන්න තීරණය කරනු ලබන්නේ රාජ්‍ය මගින් වන අතර සමාජයේ අවශ්‍යතාවයන් වලට අනුගත කිරීම රාජ්‍ය මගින් සිදුකෙරේ.
නූතනත්වය තුළ රාජ්‍ය, සමාජය, වෙළඳපොළ කාර්්‍යභාරයේ සබඳතාවය හා විපර්යාසයන්.
නූතනත්වය යන පදයෙන් විස්තර කෙරෙන්නේ කාලාන්තරයක් තිස්සේ විකාශනය වූ නූතන සමාජ ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආකෘතීන් ය.එකී ආකෘතීන් පැන නැඟුණ අවකාශය ලෙස අප විසින් හදුනාගනු ලබන්නේ යුරෝපය යි.කාලය ලෙස නිර්ණය කරන්නේ 18 වනසියවසේ ප්‍රබුද්ධ ව්‍යාපාරයක් හා ප්‍රංශ විප්ලවයෙන් ඇරඹී අද දක්වා දිගහැරුණු සියවස් දෙකක කාලයයි. ඒ අනුව නූතනකරණය යනුවෙන් හදුනාගනු ලබන්නේ මෙකී සියවස් දෙක ඇතුලත යුරෝපයේ සමාජ අත්පත් කරගත් විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රවාහනය, සන්නිවේදනය බහුල නිෂ්පාදනය, ගේදොර මෙවලම් ආදිය තුළ අද ඇති වී තිබෙන විපර්යාසයන් ය.නූතනත්වයත්, නූතනකරණයත්, නූතනවාදයත් යන ත්‍රිත්ව ක්‍රියාවලිය ක්‍රමයෙන් භාවිතාවට අවතීර්ණ වූයේ යුරෝපය, වාණිජ්‍යයකරණයෙන් ඔබ්බට ගමන් කොට ආසියාවේ, අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ ධන සම්පත් හා මිනිස් ශ්‍රමය කොල්ලකමින් ඒවා ආධාරයෙන් ස්වකීය මහාද්වීපයේ ධනවාදය ගොඩනඟා තහවුරු කිරීමේ ක්‍රියාවලිය ක්‍රමයෙන් ආරම්භ වීමත් සමඟ ය. එබැවින් මෙකී ක්‍රියාවලි තුනම අපරදිග සම්පාදනය වී පෙරදිගට සංක්‍රමණය වූ ඒවා ය. ඒ අනුව අප වැනි රටවල් කොතරම් දුරට නූතනකරණයට භාජනය වී ඇතිද යන්නත් එමගින් සමාජය, වෙළඳපොළ, රාජ්‍යයේ සිදු වී ඇති විපර්යාස මොනවාද යන්නත් හදුනාගැනීම මෙම පරිච්ඡේදයේ අරමුණ වේ.නූතනත්වය සම්බන්ධව ඓතිහාසික විකාශන ක්‍රියාවලියක් පවතින අතර එය එක් සිද්ධියක්මත පදනම් නොවී සිද්ධි දාමයක ප්‍රතිඵලයක් ලෙස අපට හදුනාගත හැකි ය.
නුතනත්වය ආරම්භය,අවසන් වුණු දින වකවානු සම්බන්ධව පොදු එකඟතාවක් දක්නට නොවුණද නුතනත්වයේ අර්ථය හා එහි සමාජ සැකසුම පිළිබඳව පොදු එකඟතාවක් දැකිය හැකි ය. ඒ අනුව පුළුළ්ව සලකා බලන විට නුතනත්වය පහත දැක්වෙන ප්‍රපංච ඇසුරු කරන බව පෙනේ. ඒ අනුව කාර්මීකරණය හා නාගරීකරණය, සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, ධනවාදය, බලයේ සුපිරි බව,නිදහස් වෙළඳපොළ, සර්වශුභවාදය, විද්‍යාව හා තාක්ෂණය, සමාජය, දේශපාලනය පිළිබඳව විමර්ශනය කිරීම සබුද්ධිකත්වය ඒවා වේ.අප නූතනත්වය යනුවෙන් හදුන්වන්නේ සමාජයක් වශයෙන් අත්පත් කරගෙන තිබෙන සුවිශේෂිතාවයන් ය.
ඒ අනුව නූතනත්වය ප්‍රගතිශීලී ගෝලීය ප්‍රපංචයක් බවට පත්ව ඇත. එහි දී නූතනත්වය, කාර්මිකවාදය සමඟ නිබඳව අත්වැල් බැඳ ගැනීම හේතුවෙන් වේගවත් සමාජ විපර්යාසවලට භාජනය කළ හැකි නම් සමාජය ද එලෙස විද්‍යාත්මකව පහදා දෙන්නට සමාජ විද්‍යාඥයන් උත්සාහ කරනු ලබයි. ඒ අනුව සමාජය සම්ප්‍රදායික ලෙස තේරුම් ගැනීමට උත්සාහ කිරීම අධෛර්යමත් කරනු ලබයි.එමෙන්ම නූතනත්ව ක්‍රියාවලියේ තීව්රතාවයට යම් යම් ඓතිහාසික සිදුවීම් ද බලපා ඇත. කාර්මීකරණය මගින් හික්ම වූ මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරීමේ ආශාව විසින් වාණිජ ප්‍රජාවට බලකර සිටියේ නව නිෂ්පාදන විකිණීම සඳහා නව වෙළඳපොළවල් හඹා යන ලෙසිනි. ඒ අනුව අනෙකුත් රටවල් තුළ ප්‍රාග්ධන රාජධානී ගොඩ නැංවීමේ ආශාව වාණිජ ප්‍රජාව තුළ තීව්ර කරන ලද්දේ මේ කියන ලාභ ලැබීමේ සංකල්ප විසින් ය.
නූතනත්වය වර්ධනය වීමේ ක්‍රියාවලීන් දියත් වෙද්දී නව ආයතන පොකුරක්ම පැන නැඟුණු දැකිය හැකි ය.විපර්යාසය හා වර්ධනය පිළිබඳ ආවේණික රටා වලින් එකී ආයතන සමන්විත වේ. මෙකී ආයතන ලෝකයේ ඒ ඒ කලාපවල වර්ධනය වූයේ ආවේණිකත්වය, අවශ්‍යතාවය මගින් හික්මනු ලැබූ එකිනෙකට වෙනස් ප්‍රත්‍යයන් යටතේ ය. ඒ අනුව නූතනත්වය තුළ ජාතික රාජ්‍යයක් සහිත ජාත්‍යන්තර රාජ්‍ය පද්ධතියත් පුද්ගලික දේපොල මත පදනම් වූ ගතික ව්‍යාප්තවාදී ධනවාදී ආර්ථික පර්යායත් කාර්මිකවාදය හා සමාජ සංවිධාන හා නියාමනය රැගත් මහා පරිමාණ පරිපාලනමය නිලධාරී තන්ත්‍රයත් පුද්ගලික හා මහජන යනුවෙන් රූපික වශයෙන් අවකාශය බෙදීම සහිත ආයතන රැසකි. මෙහි දී කාල් මාක්ස් නූතනත්වය හුවමාරු භාණ්ඩකරණය ලෙස ද ජොජ්සිටෙල් නූතනත්වය ගොඩ නගන්නේ නගරය හා ආර්ථිකය විසින් යැයි ද උල්රික් බෙක්: 1992 Risk Society:Towards A New Modernity) නූතනත්වය මග පෙන්වන්නේ අවදානම් සමාජයකට බවත්, යගන් හබෙමාස් (1987 Philsopical Discourse Of Modernity) නූතනත්වය නිමා නොවූ ව්‍යාපෘතියක් ලෙස දකී.
විවිධ චින්තකයන්, න්‍යායාචාරවරාන් විවිධ අරමුණු ඔස්සේ විවිධාකාරයට නූතනත්වය සම්බන්ධව අවධානය යොමු කොට ඇත. මෙහි දී අපට පැහැදිලි වන්නේ නූතනයේ සමාජය, වෙළඳපොළ තුළසිදු වූ විවිධ විපර්යාස පදනම්ව නූතනත්වය සිදුවන අතර එහිදීමෙකී විපර්යාස කෙරෙහි රාජ්‍ය දක්වන දායකත්වය කොපමණ ද යන්නයි. විශේෂයෙන්ම ආර්ථික ක්‍රමය(වෙළඳපොළ) හේතුවෙන් පෙර තිබුණාට වඩා සමාජය විවිධ විභේදනයන් ඔස්සේ විපරිවර්තනය වී ඇත.එහිදී ය’ගන් හබාමාස් පෙන්වා දෙන ආකාරයට එය වූ කලී නිමා නොවූ ව්‍යාපෘතියක් වන අතර එමගින් සමාජය, වෙළඳපොළ (ආර්ථිකය), දේශපාලන අංශය වන රාජ්‍යයේ වෙනස්වීම්, බිඳවැටීම්, ගොඩනැගීම් ඉදිරියේදී විවිධ ආකාරයෙන් සිදුවිය හැකි බවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය, සමාජය, වෙළඳපොළ අතර ආර්ථික ක්‍රියාවලියේ මුලික නිෂ්ටාවන්ගේ සබඳතාවය න්‍යායාත්මකව හා ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය.
ස්වයංපෝෂිත කෘෂි ආර්ථික ක්‍රමයක් මගින් තම ජීවිතය ගොඩනගාගනු ලැබූ ලාංකිකයන්ගේ එකී ආර්ථික ස්වෛරීභාවය 1815 යටත් විජිතයක් බවට පත් වීමත් සමඟ අහෝසි වනු දැකිය හැකි ය. ඒ අනුව යටත් විජිතයක් බවට පත්වීමත් සමඟ අහෝසි වනු දැකිය හැකි ය. ඒ අනුව යටත් විජිතවාදීන් ආනයන, අපනයන යැපුම් ආර්ථිකයක් බවට ලාංකීය ආර්ථික ක්‍රමය පරිවර්තනය කිරීමට ඔවුන් සමත් විය. කෙසේ වුව ද, 1833 කෝල්බෲක් ආණ්ඩු ක්‍රමික ප්‍රතිසංස්කරණ යෝජනාවන්හි සිට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දක්වා විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලීන් ක්‍රියාත්මක වනු දැකිය හැකි ය.
ඒ අනුව ලෝක ධනවාදී ආර්ථිකය ආර්ථිකය නව මුහුණුවරින් ක්‍රියාත්මක වී ව්‍යාප්ත වීමේ කාලය තුළ රාජ්‍ය හා සමාජය, වෙළඳපොළ අතර පවතින සබඳතාවය යලි සකස් කරලීම සම්බන්ධ 1980 දශකයෙන් පසු ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග විවිධ පැති ඔස්සේ ප්‍රායෝගිකව විමර්ශනය කිරීම මෙම පරිච්ඡේදයේ අරමුණකි.ඒ අනුව, රාජ්‍යයේ සමාජමය කාර්යය ප්‍රාග්ධනයේ නව අවශ්‍යතාවලට අනුව නැවත නිර්ණය කිරීම මෙහි ලා වැදගත් වේ. මින් කියැවෙන්නේ ආර්ථික ක්‍ෂේත්‍රයේ රාජ්‍යයේ මැදිහත්වීම කොතරම් දුරට කවර ආකාරවලින් සිදුවන්නේද වන්නයි. එනම් උදාහරණයක් ලෙස නම් සෘජුව සම්බන්ධ වන්නේද නැත්නම් ඒ ක්‍ෂේත්‍රයෙන් ඉවත් වී ඒවා පුද්ගලික අංශයට පමණක් පවරන්නේද යන්නයි.
මෙහි දී රාජ්‍ය හා වෙළඳපොළ අතර කාර්යයන් බෙදාහදා ගැනීම අලුත් කිරීම විශේෂිතය.1980 දක්වා ලංකාවේ රාජ්‍ය තුළ එක් කාර්යයක් වූයේ වෙළඳපොළ පාලනය කිරීම යි. නමුත් 1978 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකරණය මගින් ආර්ථිකය ලිබරල් කිරීම සිදු කරයි. එනම් වෙළඳපොළ රාජ්‍යයෙන් නිදහස් කරන ලදී. එකී ක්‍රියාවලිය සම්පූර්ණ වූයේ සුභසාධක ප්‍රත්පත්ති මගිනි.ශ්‍රී ලංකාවේ පශ්චාත් යටත්විජිත රාජ්‍යයේ එක් මූලික ලක්ෂණයක් වූයේ සුභසාධක ප්‍රතිපත්ති මගින් පුරවැසියන්ගේ සමාජ ජීවිතයට, පැවැත්මට, රාජ්‍යය සෘජුවම සම්බන්ධ වීමයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර, ඇදුම් පැළදුම්, රැකියා, ගොවි සහනාධාර යන ක්‍ෂේත්‍ර ගණනාවකම ක්‍රියාත්මක වූ රාජ්‍ය සුභසාධන ප්‍රතිපත්ති විසින් ඒ සම්බන්ධවතීරණය කෙරිණි. නමුත් 1978 ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් රාජ්‍ය හා සමාජය අතර පැවති සුභසාධන පුරුක දුර්වල කෙරුණ ද එය අහෝසි නොවී ය. සිදු වූයේ යළි සකස් කිරීමයි.
1980 ˗ 1990 ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් හා ගෝලීයකරණය යටතේ ලංකාවේ රාජ්‍ය ක්‍රමය දුර්වල වූයේ නැත. වෙළඳපොළ (ප්‍රාග්ධනය)හා රාජ්‍යය අතර ක්‍රියාත්මක කරනු සඳහා රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය වඩාත් මධ්‍යගත කිරීම දැකිය හැකි ය. මහාචාර්ය සස්තියා සැසසන් (1966 LossOf Control? Soulrignity In An Age Of Globalization නම් පොතේ පෙන්වා දෙන ආකාරයට තීරණ ගැනීමේ බලය විධායකය වෙත කේන්ද්‍රගත වීම හා ව්‍යවස්ථාදායකය අභිබවා විධායකයේ නැග්ම ඇමරිකාවේ ද ගෝලීයකරණය යටතේ සිදු වූ වර්ධනයකි.එය එලෙසින්ම ලංකාවේ ද ක්‍රියාත්මක වූ බව මෙහිදී අපට කිව හැකි ය.අවසාන වශයෙන් අපට කිව හැක්කේ විවිධ න්‍යායාත්මක මාදිලීන් ඔස්සේ අපි රාජ්‍ය,සමාජය,වෙළඳපොළ අතර පවතින සබඳතාවය, කාර්යභාරය, අවශ්‍යතාවය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගත්තේමු. එහිදී ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය තුළ එය කාලීන සිවිල් යුද්ධ, ජන අරගල, ස්වාභාවික විපත්, ආර්ථික අවපාත ආදිය හමුවේ වෙනස් වේ. ඊට හොඳම උදාහරණය ලෙස නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති හා ගෝලීයකරණ ක්‍රියාවලිය තුළ ලංකාවේ රාජ්‍ය පත් වු පරිවර්තනයේ ස්වාභාවය විග්‍රහයේදී 1980 මුල් භාගයේ පටන් පැවති සිවිල් යුද්ධය මගින් කල බලපෑම දෙයාකාර වේ. එය එක් අතකින් රාජ්‍ය දුර්වල කෙරුණ අතර අනෙක් අතින් රාජ්‍යයේ යුධමය හා මර්දනකාරී හැකියාවන් වර්ධනය වීම තුළ රාජ්‍ය ශක්තිමත් විය. ඒ අනුව සමාජය, වෙළඳපොළ සම්බන්ධ යෙදවිය හැකි ව සබඳතාවය වෙනස් වනු දැකිය හැකි ය.