බ්‍රිතාන්‍යයෙන් මෙරටට ඒවා තිබූ ආන්දෝලනයකට තුඩුදුන් අපද්‍රව්‍ය අඩංගු බහාලුම් තොගයේ අවසාන බහාලුම් 45 ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායේදී පෙබරවාරි 21 දින නැව්ගත කර ඇත.
මෙම අපද්‍රව්‍ය තොගය අඩංගු බහාලුම් මෙරටට එවා තිබුණේ ලන්ඩනයේ M/s Vangaads Ltd. නම් සමාගමකි. අතරමැදි සමාගමක් හරහා එම අපද්‍රව්‍ය බහාලුම් බාරගෙන තිබුණේ M/s Ceylon Metal Corporation pvt Ltd. නමැති ආයතනයකි. එහිදී Hayleys Free Zone , E.T.L Colombo යන සමාගම් එම ගනුදෙනුවට සම්බන්ධ වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම බහලුම් නැව්ගත කිරීම සිදු කර තිබුණි.
එලෙස මෙරටට ආනයනය කළ කන්ටේනර් සංඛ්‍යාව 100 කට අධිකය.