කුණුහරුප කියමින් අසභ්‍ය විදියට හැසිරුණාලු! ගෝඨාව ගේන්න සිංදු හැදූ Fill-T අත්අඩංගුවට

රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටින Fill-T පොලිස් අත්අඩංගුවට පත් වූ බවත්, මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පමුණුවලා අවවාද කර ඇප මත නිදහස් කළ බවත් අද දෙරණ වාර්තා කරලා තියෙනවා.

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සිසු සම්මන්ත්‍රණයක් ආසන්නයේ අශෝභන විදියට හැසිරුණා කියලයි ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්නේ. දැනට තියෙන චෝදනාවේ හැටියට ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් ඔහු හැසිරිලා තියෙනවා. එතැනට පැමිණි පොලිස් නිලධාරියෙකුගේ මුහුණු ආවරණය ඉවත් කරන්නත් ඔහු උත්සාහ කරපු බව තමයි ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ.

කෙසේ වෙතත් මේ සිදුවිමේ ඔහුගේ පැත්තේ කතාවටත් ඉදිරියේ ඉඩ තියා ගනිමු. ඔහුට දිග ඉන්ටවීව් දීලා, මහා රියැලිටි රංගයක් ඉදිරියේදී රඟදක්වාවි. මේ සිද්ධිය පාදක කරගෙන.

ලෝක රැප් සම්ප්‍රදායේ තියෙන ක්‍රම විරෝධී සංකල්පවලට වෙනස්ව ගිහින්, ‘පණ්ඩුකාභයව ගේන්න’ කියා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට ඔහුව වන්දනාමාන කරන ගීයකුත් ෆිල් ටී ගැයුවා.

අපි රැප් ගායන ශෛලිය සහ ෆිල් ටීගේ භාවිතාව ගැනත්, සිංහල රැප් සංගීතය ගැනත් මීට කලින් වීඩියෝවකින් පැහැදිළි කළා.