භාග්‍යා උඩුවරගෙදර
covid 19 හැදිලා වෙන්න පුළුවන් මානසික සෞඛ්‍ය බලපෑම ගැන දුසිම් ගණන් පරීක්ෂණ පවත්වලා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ පරීක්ෂණ කරල තියෙන්නෙ හැදිලා මාස කීපයක් ඇතුළත කාලයක් තුළ.
එහෙත් මෑතකදී කරපු අලුත් අධ්‍යයනයක් දැවැන්ත හෙළිදරව්වක් කරලා. ඒකෙන් පෙන්වන්නේ covidd 19 හැදිලා අවුරුද්දක් ගියාට පස්සේ Brain fog හෙවත් වෙහෙසකර හැඟීම් එක්ක හිස අවුල් වීම, විෂාදය වගේ ලෙඩ හැදෙන්න පුළුවන්. ද්‍රව්‍ය භාවිතා කිරීමේ සංකකූලතා සහ මානසික රෝග වලට සැලකිය යුතු ලෙස වැඩි අවදානම් වලට මුහුණ දෙන්න වෙනවා.
එක්සත් ජනපදයේ වැඩිහිටි කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් මිලියන ගානක් මුල් කරගෙන මේ වාර්තාව බීඑම්ජේ නම් ප්‍රකට වෛද්‍ය විද්‍යාත්මක සඟරාවේ පළ කරලා.
“ගොඩක් අය වසංගත අතරතුර යම් විදිහක මානසික පීඩාවන් අත් විඳලා තියනවා.ඒ උනාට කොවිඩ් තියන අයට එයාලගෙ සමකාලීනයන්ට වඩා මානසික සෞඛ්‍ය ආබාධ ඇතිවීමේ අවදානම වැඩියි.” කියලා වොෂින්ටන් වල සායනික වසංගත රෝග විශේෂ්ඥයෙක් වන සියාඩ් අල් අලි කියනවා.
බොහෝ විද්‍යාඥයන් උක්ත පර්යේෂණය අගය කරලා තියෙන්නේ මිලියන ගණනක පිරිසකගේ දත්ත ඇසුරෙන් පර්යේෂණය කිරීම මත. එහෙත්, පර්යේෂණයේ අඩුලුහුඬුකම් නැතිව නෙවෙයි.
මේ පරීක්ෂණයට අධ්‍යනය කරලා තියෙන අය අතරින් සීයට 71% සිට 76% වෙනකන් සුදුජාතිකයන්. ඒ අතරින් සීයට 90ක් පිරිමි. ඒ වගේම මේ අය අවුරුදු 63ට වැඩියි.
“මේ පරීක්ෂණ කරලා තියෙන්නෙ වයෝවෘදද්ධ අය ඇසුරෙන්. මේක පොදු තත්වයක් විදියට සාමාන්‍යකරණය කරන්න බෑ” ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයෙ ස්නායු උත්සන්න විද්‍යාඥ ජුන්මිං හෝ කියා තියෙන්නේ ඒ නිසා.
කෙසේ වෙතත්, මේ පර්යේෂණය මහා පරිමාණයේ එකක් වන නිසා ඔබ කොවඩ්-19 වැළඳුණු කෙනෙක් නම් තමන්ගේ මානසික සුවය ගැනත් අවධානය යොමු කරන එක වටිනවා.
අපේ රටේ ගොඩක් අය මානසික සෞඛ්‍ය එතරම් තකන්නේ නැහැ. ඒ නිසාම බොහෝ අයගේ මානසික පීඩාවන් අනෙකුත් අය මතින් පිටවෙනවා. කාර්යාලයේ සිටින උදවිය, පවුලේ අය ආදී බොහෝ අය ඉදිරියේ මානසික සීමාවන් පිට කරනවා. එහෙත්, මානසික ආබාධ කියන්නේත් ශරීරයේ අනෙක් කොටස්වල තියෙන ආබාධ වාගේම, ප්‍රතිකාර ලැබිය හැකි තත්වයන්.
මුල් ලිපිය කියවන්න – https://www.science.org/content/article/covid-19-patients-face-higher-risk-brain-fog-and-depression-even-1-year-after-infection