ලොකු හිමිනමක් ළමා අපයෝජන චෝදනාවකට අත්අඩංගුවේ!

A Sri Lankan's Buddhist monk prays for the bomb blast victims at Kelaiya temple in Colombo on April 24, 2019, three days after a series of suicide attacks targeting churches and luxury hotels in Sri Lanka. - Sri Lanka's government on April 24 acknowledged "major" lapses over its failure to prevent the horrific Easter attacks that killed more than 350 people, despite prior intelligence warnings. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

(මෙහි එන ඡායාරූපය නිරූපණයක් පමණි.)

වටවල රොසැල්ල හයිඩ්‍රි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ව (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය පැවසිය.

වටවල රොසැල්ල හයිඩ්‍රි ජනපදයේ අවු 13 වයසැති පාසල් සිසුවෙකුට එම විහාරස්ථානය තුලදි (20) දින විහාරාධිපති හිමියන් විසින් ලිංගික අපයෝජනය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා විසින් වටවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත විහාරාධිපති හිමියන්ව සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

එම පාසල් සිසුවාව විහාරාධිපති හිමියන් විසින් විහාරස්ථානය වෙත කැදවා ලිංගික අපයෝජනය කර ඇති බවට පාසල් සිසුවා විසින් ඔහුගේ පියා වෙත පැවසිමෙන් අනතුරුව පියා විසින් සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිලි කර ඇත.

අපයෝජනයට ලක් වුවේ යැයි කියන පාසල් සිසුවා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා බවත්, සැකපිට අත්අඩංගුවට ගත් විහාරාධිපති හිමියන්ව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි වටවල පොලිසිය කියා සිටියේ.

හැටන් රංජිත් රාජපක්ෂ