පාස්කු ප්‍රහාරය ගෝඨාට මාකට් එක හැදුවා -අනුරගෙන් ආන්දෝලනාත්මක කතාවක්

‘අනාරක්ෂිත රටක් නැත්නම් ආරක්ෂාව මාකට් කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බ්‍රෑන්ඩ් එක ජාතික ආරක්ෂාව වෙනකොට මාකට් එක නිර්මාණය වෙනවා පාස්කු ප්‍රහාරයෙන්. සැලසුම් කළාද නැද්ද කියන එකක සංවාදයක්. ඒත් බ්‍රෑන්ඩ් එක අලෙවි කරන්න මාකට් එක නිර්මාණය වුණා පාස්කු ප්‍රහාරයෙන්.

ඊට පස්සේ තමයි ජාතික ආරක්ෂාව ගැන තමයි සංවාදයක් එන්නේ. ජනතාවගෙග් විශාල බලාපොරොත්තුවක් තිබුණා පාස්කු ප්‍රහාරකයන් හෙළිදරව් කිරීම සහ ඔවුන්ට දඬුවම් දිම ගැන. මේ පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළමු කණ්ඩායම තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වාගැනීමට අසමත් වූ කණ්ඩායම. එම චූදිතයන් ලෙලස තමයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරත් හිටපු ආරක්ෂකක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත් අධිකරණයට ගෙනියනවා. අධිකකරණයෙන් විත්ති පාර්ශ්වය වන පූජිත ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දුට ඇහුම්කන්දීමකින් තොරවම පැමිණිලි පාර්ශ්වය කකියපු ඒවා අනුවවම නිදොස් කෙකාට නිදහස් කළා.

අපූරු වැඩක් ඒක. සාමාන්‍යයෙන් නඩුවක් නිදහස් කරනකොට විත්ති පාර්ශ්වයට ඇහුම්කන් දෙනවා. මේ කාරණයේදී පැමිණිලි පාර්ශ්වය ඉදිරිපත් කරන ලද කරුණු මත නිදොස් කොට නිදහස්. අපට කීවා චෝදනා 845ක් ගොනු කරලා තිබුණා කියලා.

හරි ඔවුන් නිදොස් කෙකාට නිදහස් නම් ප්‍රහාරය වළක්වාගැනීමට අසමතත් වූයේ කවුද? ඒක සොයා බලා අධිකරණය හමුවට පැමිණවීම මේ ආණ්ඩුවේ වගකීමක්. හැබැයි පැහැදිලියි මේ ආණ්ඩුව ඒ වගකීම ඉටු නොකරන බව. සමහර ආන්දෝලනයට තුඩු දී තිබෙන අය රජයේ සාක්ෂිකකරුවන්. ඒ පාර්ශ්වයට දඬුවම් ලබාදීමක් සිදු වන්නේත් නෑ. අනෙක් පාර්ශ්වය ප්‍රහාරය සැලසුම් කොට එල්ල කරන ලද කන්ඩායම.

දැන් මොකක්ද සිදු වී තිබෙන්නේ. එවැනි කන්ඩායමක් හොයාගෙනවත් නෑ. අඩුම තරමේ පූජිතට සහ හේමසිරිට නඩුවක්වත් දැම්මා. අනෙක් පාර්ශ්වයට නඩුවක්වත් නෑ.

දැන් පෙනෙන්නේ වගකිවයුත්තන් සහ ප්‍රහාරයන් අධිකරණයට ඉදිරිපත් කොට දඬුවම් ලබා දීමට අධිකරණය අසමත් වී ඇති බව පෙනෙන්නේ.

දැන් අවුරුදු දෙකක් ගෙවුණා. මේ අවුරුද්දේ 21 වැනිදා වෙනකොට අවුරුදු තුනක්. කාලයේ වැලි තලාවෙන් යටපත් විය යුතුද? නැහැ. දඬුවම් ලබා දිය යුතුයි. එය කරන්නේ නව රජයකින් පමණයි. එය ජාතික ජන බලවේගයේ මූලික අරමුණක්.’

(අනුර කුමාර පෙබරවාරි 20 වැනිදා කළ කතාවක සංක්ෂිප්තයකි.)