කුරුණෑගල, වෙන්නරුව වැව පාරේ ගසක අත්තක් කැපීමට ගිය විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ගිනි අවියකුත් රැගෙන යන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල ඇත.
ගසක අත්ත කැපීමට ගෙහිමියන් විරෝධය පළ කර ඇති නිසා අදාළ පුද්ගලයා එම ගිනි අවිය රැගෙන ගොස් ඇති බව එම විඩියෝවේ දර්ශනවල ඇතුළත් වී ඇති අතර අදාල නිලධාරියාට ගම්වැසියන්ගේ දැඩි විරෝධය පළ කර තිබුණී.