මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඒ.එච්.එම්.ජී. අබේසිංහ මහතා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දෙන්න කියා කැඳවලා.
ඒ වෙනුවෙන් පෙබරවාරි 18 වැනිදා උදෑසන 9ට අපි කොළඹ 07, ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ තියෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යනවා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ තිරුපති සංචාරයකට මිලියන ගණනක් වටින ගුවන් යානා සංචාරයක් තුරුපඬුරු විදියට පෞද්ගලික ජෙට් යානාවක් ලබාගැනීම ගැන කරපු පැමිණිල්ලට අදාලව විමර්ශන ආරම්භ කරන්නට, විස්තරාත්මක ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා.
2021 දෙසැම්බර් 31 වැනිදා කරපු ඔන්ලයින් පැමිණිල්ලකට අදාලව තමයි උක්ත ප්‍රකාශය ලබා ගන්නේ.
පැමිණිල්ල සනාථ කිරීම සඳහා ලේඛන තියෙනවා නම් අරගෙන එන්න කියලාත් දැනුම් දීලා තියෙනවා.
ප.ලි. – ඇතැම් අයගේ ප්‍රතිචාර නිසා පොඩි පැහැදිලි කිරීමක්.
මේක ගැටලු සහගත දෙයක් නෙවෙයි. අපිම කරපු පැමිණිල්ලක් ගැන වැඩිදුර කරුණු දක්වන්නයි යන්නේ.
