අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුමලේ තිරුපති කෝවිලට ගිය පෞද්ගලික සංචාරයත්, ඒකට ජෙට් යානයක් ‘ත්‍යාග’ විදියට ලබා ගනිමින් අල්ලස් පනත කඩලා අල්ලසක් ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීමත් ගැන විමර්ශනයක් කරන්න අල්ලස් කොමිසම තීන්දු කරලා තියෙනවා.
අල්ලස් කොමිසම මේ පැමිණිල්ල කරලා තියෙන්නේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර කරපු පැමිණිල්ලක් මත. ඒ අනුව පැමිණිලි අංක බීසී/ 181/ 2022 අංකයෙන් යුතුව උක්ත පැමිණිල්ල විභාග කිරීමට තීන්දු කරලා. ඒ බව දැනුම් දෙමින් 2022 පෙබරවාරි 02 දිනැතිව අල්ලස් කොමිසම තරිඳු උඩුවරගෙදර වෙත ලිඛිතව දැනුම් දීලා තියෙනවා මේ පැමිණිල්ල විභාග කරන බවට. ලිපියට අත්සන් කරලා තියෙන්නේ අල්ලස් කොමිසමේ ලේකම් අප්සරා කල්දේරා.
2021 දෙසැම්බර් 31 වැනිදා තමයි උක්ත පැමිණිල්ල කරලා තිබුණේ.
මේ කියන ජෙට් යානයේ ගමන් කිරීම ගැන තොරතුර ප්‍රසිද්ධ වූ පසු ‘නම කියන්න බැරි හිතවතෙක්’ දුන් ත්‍යාගයක් විදියට මේ ගැන අග්‍රාමාතත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මාධ්‍යවලට කියා තිබුණා. කෙසේ වෙතත් මේ යානයේ හිමිකරුවා ගැන විවිධාකාර තොරතුරු මාධ්‍යවල පළ වුණා.
යානය කාගේ වුණත්, එහි මහින්ද රාජපක්ෂ ගමන් කරපු බව තහවුරුයි. ඒක තෑග්ගක් විදියට ගත්තා නම් එය මිලියන ගණනක් වටිනා දැවැන්ත අල්ලස් ලබා ගැනීමක්. ත්‍යාග, තුටුපඬුරු බාරගැනීමක්. අල්ලස් පනත යටතේ බරපතල වරදක්.
ඒත් මේ පැමිණිල්ල කොහොම විභාග වේවිද කියන එක ගැන අපටම සැකයක් තියෙනවා.
ප්‍රධානම කාරණය තමයි අල්ලස් කොමිසමේ සභාපතිනිය මහින්ද රාජපක්ෂ මහතාගේ මිතුරියක් වන ඊවා වනසුන්දර මහත්මිය. ඇයට මීට කලින් ප්‍රංශ තානාපතිකම දෙන්න මේ ආණ්ඩුව උත්සාහ කළා. ඒක නොගත්ත හින්දයි අල්ලස් කොමිසම දුන්නේ. මේක රාජපක්ෂලාගේ හිතුමතේට කරපු දේශපාලන පත් කිරීමක්. අල්ලස් කොමිසම ස්වාධීන නැහැ.
ඒ නිසා ඔන්න පැමිණිල්ල පිළිගත්තා කියන ආතල් එක අරන් වැඩක් නෑ. අපි ඔය ආයතන ගැන දන්නවා.
මේක කරදරයෙන් බේරෙන්න පටන් ගන්න පැමිණිල්ලක්ද? නැත්නම් ඇත්තටම නඩු පැවරීමක් දක්වා මේ පැමිණිල්ල ගමන් කරයිද?
මේ වෙද්දී අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාව හැසිරෙන්නේ ඉතිහාසයේ නින්දිතම ක්‍රමවේදයකට. මේ කොමිසමට හැමෝටම පිළිගන්න පුළුවන් මධ්‍යස්ථ පුද්ගලයන් පත් කරන්න තිබිච්ච ඉඩ 20 වැනි සංශෝධනයෙන් නැති කරලා දැම්මා.
පහුගිය මාසේ ජනවාරි 21 වැනිදා ඓතිහාසික විදියට අල්ලස් කොමිසම එකපාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දාලා තිබුණ නඩු 11ක්ම ඉල්ලා අස් කරගත්තා. එකතුවක් විදියට කීවොත් මෑත කාලයේ අල්ලස් කොමිසම නඩු 45ක් විතර ඉල්ලා අස් කරගෙන තිබුණා. ඒ ඉල්ලා අස් කරගත්ත නඩු පොඩි මිනිස්සුන්ගෙද? නෑ. රාජපක්ෂ ආණ්ඩුවේ හෙංචයියන්ගේ.
මොහාන් පීරිස්, රෝහිත අබේගුණවර්ධන, නිශ්ශංක සේනාධිපති, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සරණ ගුණවර්ධන, නලින් ප්‍රනාන්දු ආදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ ආයතන ප්‍රධානීන්ට අයිති නඩු තමයි අල්ලා අස් කරගෙන තියෙන්නේ.
කොටින්ම කීවොත් දැන් විපක්ෂයේ ඉන්න හිටපු ඇමති කුමාර වෙල්ගමගේ නඩුව යහතින් ඉස්සරහට යනවා. අල්ලස් කොමිසමේ අමුතු නඩු අස් කරගැනීමේ තියරියට ඒවා අහු වෙන්නේ නෑ.
ගිය සතියේ අල්ලස් කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට කොළම ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් පෙබරවාරි දෙවැනිදා බැණුම් අහන්න වුණා. උසාවිය සමථ මණ්ඩලයක් විදියට සලකන්න එපා කියලා.
දාම් සහ කැරම් බෝඩ් ඇතුළු උපකකරණවලට අදාල වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව තියෙන චෝදනාවකට අල්ලස් කොමිසම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පවරපු නඩුවේදී අල්ලස් කොමිසම සහ නීතිපතිවරයා කටයුතු කරපු විදිය ගැන තමයි විනිසුරු මඬුල්ල ඒ විදියට බැණලා තිබුණේ.
බණින්න හේතුව තමයි මේ නඩුවේ සාක්ෂි ආපහු සලකා බලන්නට නඩුව විභාගය ගන්න එක තාවකාලිකව අත්හිටුවන්න කියලා ‘පැමිණිල්ල’ පැත්තෙන් කරපු ඉල්ලීමක් මත. රජයේ නීතිඥ නවාවි මහතා කියා තියෙනවා නඩුව ඉදිරියට ගෙනියන්න පැමිණිල්ල පැත්තෙන් උපදෙස් ලැබුණේ නැති බව. පැමිණිල්ල කියන්නේ අල්ලස් කොමිසම. ඒත් ඇනෙක් පැත්තෙන් චූදිතයාත් බලයේ ඉන්න ආණ්ඩුවේම ඇමති. සාක්ෂි ආපහු සලකා බලනවා කියලා තව දිග කාලෙකට නඩුව අදින එක තමයි කරන්නේ.
නඩුව දානකොට කොමිසමේ සාමාජිකයන් තුන්දෙනාම අත්සන් කළේ නෑ කියන ටෙක්නිකල් කෑල්ල අල්ලාගෙන. ඇත්තටම ඒ ටෙක්නිකල් කෑල්ල ගැන කැක්කුමකින් නඩු අයින් කරගත්තා නම්, කොමිසම කරන්න ඕනෑ අස් කරගන්න පරක්කුවට ආපහු නඩුව දාන එකනේ. ඉල්ලා අස් කරගෙන දවසක් ඇතුළත වුණත් ඕනෑ නං ආයෙත් නඩුව දාන්න පුළුවන්. ඒත්, එහෙම කළේ නැහැ.
