මේ වෙද්දී අහසේ තියෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2030 දී මෙහෙයුම් අවසන් කරලා 2031 දී අනෙකුත් අභ්‍යවකාශ කසල තොග එක්ක පැසිෆික් සාගරයේ පතුලේ තැන්පත් කරන්නට තීන්දු කර ඇතැයි නාසා ආයතනය තහවුරු කරලා තියෙනවා.
ඒ නාසා ආයතනය ඉදිරිපත් කළ නව අන්තර්වාර සැලසුම් අනුව.
1998 දී අභ්‍යවකාශගත කළ මේ මධ්‍යස්ථානය අවුරුදු තිස් දෙකක ආයු කාලයක් ඒ සැලසුම් අනුව අවසන් කරනු ඇති. දැනට පෘථිවිය වටා කක්ෂයක තියෙන මේක ඒ කක්ෂයෙන් පිටතට අරන් පැසිෆික් සාගරයේ ‘පොයින්ට් නීමෝ’ නම් තැනට තමයි යන්නේ. මෙයට ආසන්නම ගොඩබිම කිලෝමීටර් 2700ක් දුරයි. මෙය අභ්‍යවකාශ සුසානයක්. පරණ අභ්‍යවකාශ මධ්‍යස්ථාන, චන්ද්‍රිකා ආදිය එහි රඳවනවා.
පෘථිවියේ දකුණු කෙළවරේ, මනුෂ්‍ය වාසයෙන් ඈතම ප්‍රදේශයක් මේ. කිසිදු මනුෂ්‍ය ක්‍රියාකාරකමක් නොකෙරෙන තැනක් විදියටත් මේ තැන ගැන නාසා ආයතනය පැහැදිලි කරනවා.
1971 ඉඳන් පොයින්ට් නීමෝ නම් ස්ථානය තුළ 300කට අධික අභ්‍යවකාශ කසල ප්‍රමාණයක් වළදමා තිබෙනවා. ඒ අතර අභ්‍යවකාශ මධ්‍යස්ථාන 5ක් තිබෙනවා.
මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අපේ විද්‍යාඥයන්ගේ පර්යේෂණවල විශාල භූමිකාවක් ඉටු කළා. ඒත්, එයට ඉතා විශාල වියදමක් රජයන් වැය කළා. නාසා ආයතනයේ අනාගත සැලසුම තමයි පෞද්ගලික ආයතනවලින් කුලියට අභ්‍යවකාශයේ ඉඩ ගැනීම. ඉදිරි දශකය ඉවර වෙද්දී අභ්‍යවකාශය කියන්නේ ලෝකයේ ආණ්ඩු විසින් තරගෙට වැඩ කරන කලාපයක් නෙවෙයි. පෞද්ගලික ආයතන තරගෙට වැඩ කරන කලාපයක්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගත කටයුතුත්, ඒ වෙළඳ අරමුණු සහිත අභ්‍යවකාශ මෙහෙයුම්වලට අවශ්‍ය පසුබිම සලසන මෙහෙයුම් සිදු කරනු ඇති.
වෙළඳ අරමුණු කීවාම අභ්‍යවකාශයේ සම්පත් කැණීම වගේම අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරතත් ඇතුළත් වෙනවා.
‘අපි බලාපොරොත්තු වෙනවා මෙතෙක් මෙහෙයුම්වලින් අප උගත් පාඩම්, අත්දැකීම් පෞද්ගලික අංශය එක්ක බෙදා ගන්න. එමගින් ආරක්ෂිත, විශ්වාසදායක සහ මිලල අඩු ගමනාන්තයන් අභ්‍යවකාශයේ ඇති කළ හැකියි.’
නාසා ආයතනයේ වාණිජ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ පිල් මැක්ඇලිස්ටර් කියා තියෙන්නේ එහෙමයි.
පාපන්දු ක්‍රීඩාංගණයක් තරම් විශාල මේ අභ්‍යවකකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් පටන් ගත්තේ 2000 නොවැම්බරයේ. සෑම විනාඩි 90කට වතාවක් පෘථිවිය වටේ මෙය ගමන් කරනවා.
මෑත කාලයේදී රුසියානු නිලධාරියෙකු දැනුම් දී තිබුණේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුඩා පැලීම් දකින්නට ලැබී ඇති බව. ඊට අමතරව බීබීසීය වාර්තා කරලා තිබුණා මධ්‍යස්ථානයේ උපකරණ පරණ වෙමින් පවතින බව.
මුලින් අවුරුදු 15ක කාලසීමාවකට අභ්‍යවකාශගත කළ මෙම මධ්‍යස්ථානය දැනටමත් අවුරුදු විස්සට එහා ආයු කාලයක් භුක්ති විඳලා තියෙනවා.