ශවේන්ද්‍රගෙන් කූරුගල පිළිමයක් හදන්න මුල්ගලක්! හමුදාපතිට මුඛ ආවාරණ එපාද?

කූරගල රජමහා විහාරයේ ඉදිකිරීමට නියමිත ශ්‍රී සුමනසමන් දේව ප්‍රතිමාවකට මුල් ගල් තැබීම සදහා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැමිණ ඇත.

අදාල උත්සවය ජනවාරි 15 වන දින පවත්වා ඇති අතර ශවේන්ද්‍ර සිල්වා මහතා හා ඔහුගේ බිරිද වන සුජීවා නෙල්සන් මහත්මිය සහභාගී වී ඇති බව කූරුගල රජමහා විහාරයේ සමාජ මාධ්‍ය පිටුවේ සදහන් කර තිබුණි.

අදාල උත්සවයට විශාල පිරිසක් සහභාගි වී තිබුණු අතර යුද හමුදාපතිවරයා හෝ ඔහුගේ බිරිද මුව ආවරණ පැළඳ සිට නැති බව අදාල ජායාරූපවල දැක ගත හැක.