රටට,ජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යංශයෙන් පිරිතක්! භික්ෂුන් 1000ක් සහභාගි වෙලා! (Photos)

රටට සහ ජනතාවට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිරිත් සජ්ජායනයක් ජනවාරි 26 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ  බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා ඇත.

මෙම ජය පිරිත් සජ්ජායනයට මහනායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා දහසක් සහභාගි වී ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් මෙම පිරිත් සජ්ජායනයට සහභාගි වී ඇත.

ජනතාව දැඩි ආර්ථික අපහාසුතාවෙන් පෙළෙන මෙවැනි කාලයක ආරක්ෂක අමාත්‍යංශය භාර ජනාධිපතිවරයා කළ යුත්තේ මෙවැනි පිරිස් දහස් ගණන් සහභාගි වන උත්සව වැනි දෑ සංවිධානය නොකර, එම මුදල් රටේ ආර්ථිකය ගොඩනැංවීමට යොදා ගැනීමය.

තවද සෞඛ්‍ය අංශ මගින් ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රබේදය රටේ ඝ්‍රිගයෙන් පැතිර ගොස් ඇති බවට අනතුරු හඟවා ඇති අවස්ථාවකදී රටේ නායකයා ලෙස මෙවැනි ආකාරයේ පිරිස් දහස් ගණන් එක්රැස් කරන උත්සව නොපැවැත්වීමට වගකීමෙන් කටයුතු කිරීමය.