මම සතයක්වත් විදේ ණය අරන් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ණය ගැනීම ගැන අවස්ථා දෙකකදී කියපු මහා පරිමාණ බොරුව තමයි සතයක්වත් ණය නොගත්ත බව.
මෙන්න මේ බොරු දෙක ෆැක්ට් චෙක් කරලා ස’ට රෙදි ඉල්ලෙයි තැනට පත් කරලා තියෙනවා ෆැක්ට්චෙක් ඩොට් එල්කේ ආයතනය. අපි කතා කරන්න යන්නේ ඒ ගැන.
ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්ව බොරුව ඇත්තටම කීවොත් ඊළඟ ලෙවල් එකේ වැඩක්. දේශපාලන නායකයෝ බොරු නං කියනවා ඕනෑ තරං. ඒත්, මේක නිකං හිතාගන්න බැරි ලෙවල් එකක බොරුවක්.
නිකං හරියටම කීවොත් පොඩි එකෙක්ට ඇඳේ චූ ගියාට පස්සේ කිසිදෙයක් වුණේ නෑ වගේ, චූ කළේ නෑ කියල කියන පොඩි උං වගේ. බොරු කියන්න ඕන්නෑ! පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ.
කමෝන් ගෝඨා සර්! ස’ ගඟ වගේ ඇඟට යටින් ගලද්දී නෑ කියනකොට පට්ට ලැජ්ජයි. පොළොව පළාගෙන යන්න හිතෙනවා.
අර බංග්ලාදේශ් කාරයෝ ලංකාවට ණය දීලා පට්ටම ආතල් එකක් අරන් ඉන්නේ. කොච්චර ආතල්ද කීවොත් අර මකුණගෙ කතාව වගේ මොන මගුල ගැන කතා කළත් උං කැරකිලා ඉවරවෙන්නේ ලංකාවට ණය දුන්න තැනින්. රෑට නින්දෙනුත් කියවන්නෙ ඒක.
ඒත් මේ වගේ බොරුවක් කීවාම අපි ‘ඕක බොරු’ කියලා මතුපිටින් විහිළු තහළු කරලා විතරක් හරියන්නේ නෑනේ. රටේ මිනිස්සු මොන මගුලෙන් හරි ඇවිස්සිලා මේ මනුස්සයාව ජනාධිපති කරලා තියෙනවානේ. සීරියස්ලි මේ ප්‍රකාශය සලකන්න එපායැ.
අන්න එහෙම සලකලා ෆැක්ට් චෙක් එල්කේ ආයතනය මුදල් අමාතත්‍යාංශයේ 2020 වාර්තාව සහ 2022 මූල්‍ය කලමණාකරණ වාර්තාව පරීක්ෂා කරලා නිල වශයෙන් ජනාධිපතිගේ ටොම් පචේ ගැන සැබෑ කරුණු පෙන්වලා.
ඒ අනුව ශ්‍රී ලංකාව ගෙවුණු අවුරුදු දෙක ඇතුළේ ‘කලින් එකඟ වූ’ ණය අරගෙනත් තියෙනවා. අලුතින් ඉල්ලලාත් ණය අරගෙන තියෙනවා.
2020 ජනවාරි ඉඳන් 2021 අගෝස්තු දක්වා කාලය තුළ කලින් එකඟ වූ ණය ඇමෙරිකන් ඩොලර් මිලියන 3,467ක් අතට ලැබිලා තියෙනවා.
ඒ හැරුණාම එම කාලසීමාව ඇතුළේ අලුතින් ඇමෙරිකන් ඩොලර් මිලියන 2962ක් වටිනා ණය ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලපු ණය අතරිනුත් සමහර ඒවා අතට ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකන් ඩොලර් මිලියන 1308ක් වටිනා චීන සංවර්ධන බැංකුවේ ණය.
අපි හිතමු ජනාධිපති කියන්න උත්සාහ කළේ මම වෙළඳපොළ පදනම් වූ ණය ගත්තේ නැහැ කියලා. ඒ කියන්නේ උපදේශකයෙක් එහෙම ප්‍රකාශයක් කරන්නය කියලා උපදෙස් දුන්නාට පස්සේ ස’ නොතේරුම්කමට දෙක පටලවාගෙන කිසි ණයක් ගත්තේ නැතැයි කීවා කියා හිතමු.
එහෙම කිව්වොත් ස’ගේ ප්‍රකාශය නිවැරදිද? නෑ. ඒත් නිවැරදි නෑ. මුදල් අමාත්‍යාංශයට අනුව 2020 ජනවාරි සිට අගෝස්තු 2021 දක්වා ඇමෙරිකන් ඩොලර් 1308ක් වටිනා වෙළඳපොළ මතත පදනම් වූ ණය අරන් තියෙනවා.
අනෙක් පැත්තෙන් ස ඉස්සරහට ණය ගන්නේ නෑ කියන අදහසෙන් ඒක කිව්වා නං ඒත් වැරදියි. මොකද, මේ වෙද්දි කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මහතා දාලා තියෙන ආර්ථික සංවර්ධනය පිළිබඳ සැලසුම් අනුව ජපානය, චීනය ආදී රටවල් එක්ක ණය ඉල්ලලා සාකච්ඡා පවත්වන්නට වෙනම ඇමති කෙනෙක් දාන්නට පවා එකඟ වෙලයි තියෙන්නේ.
