රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ ආදිවාසීන්ට අයත් ගම් බිම් එළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කර ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ජනවාරි 27 වන දින අවසර ලබා දී ඇත.
එම පෙත්සම සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කරන ලෙසය.
ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන රක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්වයන් වෙත එම පෙත්සම සම්බන්ධයෙන් අප්‍රේල් මස 05 වනදා කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත.
රඹකැන්ඔය, පොල්ලබැද්ද ප්‍රදේශයේ පිහිටි සිය පාරම්පරික නිජබිම හෙළිපෙහෙළි කොට ඒවා බඩඉරිඟු වගාව සඳහා පෞද්ගලික සමාගම් වෙත පැවරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කටයුතු කරන බවත් ඒ නිසා සිය නිජබිම්වලට හානි සිදුවන අතර පාරිසරික වශයෙන් විශාල අගතියක් සිදු වන බවත් පෙත්සම්කරු තම පෙත්සමේ සදහන් කර ඇත.
තවද අදාළ ඉඩම් පවරා ගැනීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත.