සපුගස්කන්ද අද නොවේ හෙට! ආයෙත් 30 වැනිදාට කල් ගිහින්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. වොල්ගා මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා.

මීට කලින් තීන්දු කරලා තිබුණේ ජනවාරි 27 වැනිදා පිරිපහදුවේ වැඩ පටන් ගන්න වුණත්, දැන් කියන්නේ ඒක 30 වැනිදා වෙනතුරු බැරිවේවි කියලා. මේ පරක්කුවට හේතුව බොරතෙල් නැව ලංකාවට එන්න ප්‍රමාද වීමලු.

ලංකාව සාමාන්‍යයෙන් බොරතෙල් ගෙන්වලා පිරිපහදු කරලා අවශ්‍ය සේවාවන්ට විවිධාකාර ඉන්ධන වර්ග ලබාදීමයි සිදු කළේ. එහෙත් මෑත දිනවල බොරතෙල් නොගෙන්වා පෙට්‍රල්, ඩීසල් ආදී අත්‍යවශ්‍ය ඉන්ධන වර්ග පිරිපිහදු කළාට පස්සේ ගෙන්වීම සිදු කළා.

බොරතෙල් මිලදී ගැනීමට අදාල මූල්‍ය ලිපිලේඛන ආදිය අවුලක් නැතිව සකස් කරලා තියෙනවා කියලාත් ඛනිජ තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග කියනවා.