ලංකාවට ඩොලර් එන එක නැවැත්තුවේ හිටපු ආණ්ඩුව බවත්, දැන් මෙහේ ඩොලර් අච්චු ගහන්නත් බැරි බවත්, ඊයේ පෙරේදා රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයෙකු වූ නන්දන ලොකුවිතානට නිකං ඉඩමක් පුදන්න දැඟලූ අමාත්‍යවරයා වන එස්.එම්. චන්ද්‍රසේන මහතා මාධ්‍යවේදින් කිහිපදෙනෙක් ඉස්සරහා අදහස් දක්වමින් කියා තිබුණා.
ලංකාවේ විදේශ විනිමය අර්බුදයට හේතුව ගෝලීය කොවිඩ් වසංගතය කියා පෙන්වන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දඟලද්දී ‘හිටපු ආණ්ඩුව ඩොලර් නැවැත්තුවා’ කියා එස්.එම්. චන්ද්‍රසේන කියනවා. ‘ඒක වුණේ කොහොමද?’ කියලා ආර්ථික විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඒ ඇමතිගෙන් බලාපොරොත්තු වෙන්න එපා.
ඇත්තටම ප්‍රශ්නයේ මුල අග එතුමාටවත් තේරෙන්නේ නැතිව ඇති. අපේ ඇමතිකම්වලට සුදුසුයි කියල හිතාගෙන රාජපක්ෂලා ඔවුන්ව පත් කරගත්තාට ඔය කටවලින් පිටවෙන වචනවල තේරුම ඔය මහත්වරුන්ගේ මොළගෙඩිවලටවත් තේරෙන්නේ නැතිව ඇති. මොළගෙඩි පාවිච්චියට නොගෙනම එක්ස්පයර් වෙලා ඇත්තේ.
මේ ඇමතිතුමා වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා.
‘සජිත් ප්‍රේමදාසට ආර්ථික වැඩපිළිවෙලක් නෑ කියලා පේනවා. කොහේද යන්නේ මල්ලේ පොල් වගේ තමයි. ඔහේ කියාගෙන යනවා. එතුමා කියන්නේ වැඩක් නැහැ, ආණ්ඩුවට තේරෙන්නේ නැහැ. කරන්නේ නැහැ. කරන්න බැහැ ප්‍රශ්න වැලක් කියාගෙනන යනවා. එහෙම බැහැ. එතුමා කියන ප්‍රශ්නවලට විසඳුමකුත් කියන්න එපායැ.
එහෙම බැහැ. පළපුරුදු අගමැතිවරයෙක් ඉන්නවා. පළපුරුදු ජනාධිපතිවරයෙක් ඉන්නවා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා නොහිටින්න රට තියෙන්නේ මොනවගේ තැනකද කියලා හිතාගන්න බැහැ.
ඩොලර් එන එක නැවැත්තුවේ ගිය ආණ්ඩුව. අපි නෙවෙයි. ඩොලර් මෙහේ අච්චු ගහන්නයැ.
ගෙවුණ අවුරුදු දෙක යක්ෂයාගේ අවුරුදු දෙක කියන්න පුළුවන්..’