ලේකම්ගේ මුදල් වංචාව ගැන සඳහන් කරමින් හිරු ටීවී, ලංකාදීප සහ ඩේලි මිරර් මාධ්‍ය ආයතන මහින්ද රාජපක්ෂගේ නම මුල්වරට කියලා.
අගමැති මහින්ද රාජපක්ෂගේ නම සඳහන් නොකර, ඔහුව වක්‍රාකාරව හඟවමින් පසුගිය දිනවල වාර්තා වූ ප්‍රවෘත්තියක් වුණේ, ඔහුගේ ලේකම්වරයා බැංකු ගිණුමෙන් රුපියල් කෝටි හතරක පමණ මුදලක් හොරකම් කර ඇති බව.
මේ පිළිබඳ වාර්තා කරමින් ඩේලි මිරර් පුවත්පත පළමු වරට ඍජුව අගමැති මහින්ද රාජපක්ෂගේ නමත් එක්ක පුවතක් ලියලා. ඒ වගේම මුදල් උසස්පු ක්‍රමයත් එහි සඳහන් කරලා. ලංකාදීප පුවත්පතේ වාර්තාවේත් ඒ තොරතතුරු සඳහන්.
ඊට අමතරව හිරු ටීවී ප්‍රවෘත්ති විකාශයේදීත් අගමැති මහින්දගේ නම සඳහන් කරමින් වාර්තතාවක් පළ කරලා. එහි සඳහන් වෙන්නේ කෝටි තුනහමාරකට අධික මුදලක් උදිත ලොකුබණ්ඩාර ලබාගෙන ඇතැයි සැකයක් තියෙන බව.
මේ පිළිබඳව අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් දියත් කර ඇති බවත් හිරු ටීවි වාර්තාවේ සඳහන්.
ඩේලි මිරර් සහ ලංකාදීප ප්‍රවෘත්තිවල ලේකම්වරයාගේ නම සඳහන් කර නැහැ.
රජයේ බැංකුවක තියෙන උක්ත ගිණුමට අදාල ඒටීඑම් කාඩ්පත පාවිච්චි කරමිනුයි මුදල් ලබාගෙන ඇති බව ඩේලි මිරර් ප්‍රවෘත්තියේ සඳහන්. ඒටීඑම් කාඩ්පතේ තොරතුර හිරු ටීවි සහ ලංකාදීප ප්‍රවෘත්තිවලත් සඳහන්. අදාල ඒටිඑම් කාඩ්පත උදිත් ලොකුබණ්ඩාර ළඟ තිබුණාලු.
දිවයින පුවත්පත ජනවාරි 25 වැනිදා මෙම පුවත වාර්තා කර තිබුණේ අගමැති මහින්ද රාජපක්ෂගේ නමක් සඳහන් නොකර, ‘ප්‍රබල දේශපාලනඥයෙක්’ යනුවෙන් සඳහන් කරමින්. කෙසේ වෙතත් වක්‍රව මහින්දගේ නම සඳහන්ව තිබුණු නිසා අපේ චැනලයේ වීඩියෝවක් පළ කරමින් මහින්දගේ නම ඇතිව මාතෘකාව ගැන අපි කතා කළා.
ඒත් අප මතු කළ ප්‍රශ්නය වුණේ උදිත් ලොකුබණ්ඩාර මුදල් වංචා කිරීමට වඩා, මහින්ද රාජපක්ෂ අවුරුදු ගණනාවක් තිස්සේ වැටුප ස්පර්ශ කරන්නේත් නැතුව ඒ ගිණුම දිහා බලන්නේත් නැතිව හිටියේ කොහොමද කියන පැනය. මහින්දට තමන් රජයෙන් ලබන වැටුප අදාලම නැත්නම්, ඔහුගේ පෞද්ගලික වියදම්වලට මුදල් කොහෙන්ද?
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පතට මේ සිදුවීම ගැන කතා කර ඇතැයි හැඟෙනවා. මහින්දගේ නම සහිතව පුවත ලියන්න දිවයිනට කොන්දක් නැති නිසා ජනවාරි 26 වැනිදා ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළ වූ උක්ත ප්‍රකාශය වාර්තා කර තිබුණේත් ‘ප්‍රබල දේශපාලනඥයා දිවයිනට කතා කරනවා’ වගේ හෙඩිමක් එක්ක.
මෑත කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුම් දීලා ඔහුගේ ප්‍රකාශ අරන් ප්‍රවෘත්ති ලීව මාධ්‍යවේදියෙක් වන නෝමන් පලිහවඩන තමයි ‘ප්‍රබල දේශපාලනඥයාගේ’ ප්‍රකාශය ලබාගෙන තිබුණේ.
දිවයින ප්‍රවෘත්තිය මෙහෙමයි.
‘තම බැංකු ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදල් ප්‍රමාණයක් වංචා කළ තමාගේ පෞද්ගලික සහායකයා කර ඇත්තේ සමාව ලබාදිය නොහැකි බරපතළ වංචාවක් යැයි ද එවැනි අය සමාජයටම පවා පිළිලයක් බවද එම ගිණුම හිමි රජයේ ප‍්‍රබල දේශපාලනඥයා ඊයේ (25 දා) ‘දිවයින’ට කියා සිටියේය.
තමාගේ බැංකු ගිණුමෙන් වංචනිකව මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නොවන බවත් මීට පෙර අවස්ථාවකදී තවත් පුද්ගලයකු මෙයාකාරයටම මුදල් වංචා කළ බවත් එම ප‍්‍රබල දේශපාලනඥයා සඳහන් කළේය. ආණ්ඩුවේ බලවතකුගේ වැටුපෙන් ‘ලොකු’ ගේමක් දීලා’ මැයෙන් ‘දිවයින’ පුවත්පතේ ඊයේ (25 දා) පළ වූ ප‍්‍රධාන පුවතට සම්බන්ධ එම ප‍්‍රබල දේශපාලනඥයා මෙසේ ද සඳහන් කළේය.
මොහු මගේ විශ්වාසය දිනාගෙන හිටපු කෙනෙක්. සමීපව ඇසුරු කරමින් මගේ පෞද්ගලික සහායකයෙක් ලෙස කටයුතු කළා. මොහු මගේ ගිණුමේ තිබූ රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචනිකව අරන්. එය සමාව ලබාදිය නොහැකි තරමේ බරපතළ වංචාවක්. මගේ ගිණුමෙන් මුදල් ලබාගත් පළමු පුද්ගලයා මොහු නෙවෙයි. මීට පෙරත් වෙනත් අයකු ඔය වගේ වැඩක් කළා. බලවතා ‘දිවයින’ට කතා කරයි
මේ වගේ අය විශ්වාසයට ගතයුතු නෑ. මේ වගේ අයට ඕනෑම පාවාදීමක් කළ හැකියි. ඕනෑම අපරාධයක් කළ හැකියි. මේ වගේ වංචා දූෂණ අක‍්‍රමිකතා සිදු කරන අයට සමාව දිය යුතු නෑ. මේ වංචාවට සම්බන්ධ පුද්ගලයා ඔහුගේ පියාගේ කීර්ති නාමයත් නැති කළා. මුදල්වලට ආත්මයම පාවා දෙන මේ වගේ පුද්ගලයන් මුළු සමාජයටම පිළිලයක් යැයි ද සඳහන් කළේය.’