බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ විදුලි සහ බලශක්ති අර්බුදයට පිළියම් විදියට ඉදිරිපත් කරපු යෝජනාවලිය ගැන කැබිනට් මණ්ඩලයෙ දීර්ඝ සංවාදයක් තිබුණ බව ලංකාදීප, ඩේලි එෆ්ටී ඇතුළු මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.
ඒත්, කතා ඉවරවෙලා තීන්දුවක් ලැබුණේ නැහැලු.
යුගදනවි ගිවිසුම අද දැම්මා අදම ඉස්සුවා වගේ සම්මත වුණත්, රටේ බලශක්ති අර්බුදය වගේ එකක් විසඳාගැනීම සතියෙන් සතිය කල් දාන්න පුළුවන් හදිස්සියක් නැති විෂයක් බව කැබිනෙට්ටුවේ ඇමති සීයලා හිතන්න ඇති.
උදය ගම්මන්පිළ ඇමතිවරයාගේ යෝජනාවලියේ තියෙන්නේ රටේ ඉන්ධන භාවිතය අවම කිරීම, විදුලිය ඉතිරි කිරීම ඇතුළු යෝජනාවලියක්.
1 රජයේ සාකච්ඡා නැවැත්වීම, වීඩියෝ තාක්ෂණයෙන් සාකච්ඡා පැවැත්වීම.
2 තදබදය අඩු කරන්න වෙනස් පැය ගණන් සේවා ස්ථානවලට හඳුන්වාදීම
3 ඉන්ධන මිල සූත්‍රය නැවත හඳුන්වාදීම
4 කොළඹට ඇතුළුවෙන වාහන සීමා කිරීම
5 ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් කොළඹට නොගෙන්වීම
6 පාසල් පවත්වන දින ගණන අඩු කරලා ඔන්ලයින් පාසල් දිනයක් පැවැත්වීම
7 රජයේ සමාගම් සහ රාජ්‍ය බැංකුවලින් ලංකාවට ලැබෙන විදේශ විනිමය ආදායම මහ බැංකුව මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනයට යොමු කිරීම
ආදී යෝජනා ඔහු ඉදිරිපතත් කරලා තිබුණා.
ඔහු කියා තිබුණේ ඉන්ධන මිල වැඩි කිරීමෙන් පාවිච්චිය අඩු නොවෙන බවත්, මහාමාර්ග අමාත්‍යාංශයේ දත්තවලින් ඒ බව තහවුරු වෙන බවත්.
උක්ත කාරණාවලට අමතරව සාමාන්‍ය ජනතාවත් නිවාඩු දිනවල විනෝද චාරිකා, සාද, නෑදෑයන් හමුවීම ඇතුළු අත්‍යවශ්‍ය නොවන දුර ගමන් සීමා කරන්න ඕනෑ බවත් ඔහු කියලා.
මේ වෙද්දී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායකත් විදුලිය ඉතුරු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණා. වායු සමීකරණ නිවා දැමීම, නැතිනම් ඒවායේ උෂ්ණත්වය අංශක 26 තබා විදුලිය ඉතිරි කිරීම, රාත්‍රී කාලයේ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම ඇතුළු යෝජනා ඒ අතර තිබුණා.
අනෙක් පැතත්තෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති නියොජනය කරන රංජන් ජයලාල් මහතා කියා තිබුණේ මේවා පැලැස්තර විසඳුම් බව. මේ සමස්ත අර්බුදය විසඳුමක් ඒ හරහා ලැබෙන බව.