නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ‘කළු ජනවාරිය සැමරුම’ නිමිති කරගනිමින් මාර්ගගතව පවත්වමින් සිටි සූම් සංවාද වැඩසටහනකට නාඳුනන පිරිසක් කඩාවැදී එම සංවාදය කඩාකප්පල් කිරීමට උත්සාහ ගත්තා.
මාධ්‍යවේදීන් සෑම ජනවාරි මාසයක්ම කළු ජනවාරිය ලෙස හඳුන්වන්නේ මාධ්‍යවේදීන්ට එල්ල වූ යුක්තිය ඉටු නොවූ අපරාධ සිහිපත් කිරීම වෙනුවෙන්.
මෙම සංවාදය ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබුණත්, සෞඛ්‍ය හේතු මත එය අවසන් මොහොතේ සූම් මාධ්‍යයෙන් පැවැත්වීමට සිදුව තිබුණා.
සජීවීව ඒ සඳහා එකතු වූ පිරිස් සංවාදය ආරම්භ කරන්නට උත්සාහ ගනිද්දීම ආගමික අන්තවාදී පදනමකින් කඩාවැදුණු පිරිසක්, ඝෝෂාකාරී හඬවල් වාදනය කරමින්, එක් ජනවර්ගයකට අයිති මිනිසුන් මරා දමන ලෙස පණිවිඩ පොදු ඉන්බොක්ස් එකට යොමු කරමින් සංවාදය ආරම්භ කළ නොහැකි ලෙස බාධා එල්ල කළා.
එයින් පසු කඩාප්පල්කාරී පිරිස ඉවත් කිරීමෙන් පසු සංවාදය ආරම්භ කිරීමට හැකි වුණා. සටහන ලියැවෙන මොහොතේ සංවාදය පැවැත්වෙමින් තිබුණා.
තොරතුරු කොමිෂන් සභාවේ හිටපු සාමාජික නීතිඥ එස්.ජී. පුංචිහේවා එහිදී අදහස් දැක්වූවා. නීතිඥ ප්‍රබෝධ රත්නායක එහිදී අයිසීසීපීආර් පනත අවභාවිතතයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීම යන මැයෙන් අදහස් දක්වනවා.
නීතිඥ අර්මිසා ටිගල් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළළ සැඟවෙන මාධ්‍ය මර්දනය පිළිබඳ අදහස් දක්වනු ඇති.
උදයන් පුවත්පතේ මාධධ්‍යවේදී තේවනායගගම් ප්‍රේම්නාත් රාජ්‍ය ආරක්ෂාව සහ දෙමළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යන මැයෙන් අදහස් දක්වාවි.
අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කතෘ ලසන්ත රුහුණගේ ගවේෂනාත්මක මාධධ්‍යවේදීන් ආවේක්ෂණය හා දඩයම යන මැයෙන් අදහස් දක්වාවි.
සංවාදය මෙතැනින් නරඹන්න..
https://fb.watch/aMZfE_ZnnV/