තිස්ස ජනනායක කියන ටියුෂන් ගුරුවරයා අනුර කුමාර තමන්ගේ උඩ ඇඳේ හිටියා කියලා කරපු කතාව දකින්න ඇති. ඒ කතාව සම්පූර්ණ පචයක් බව පැහැදිලියි. ඒක අනුරගෙන් අහලා චෙක් කරන්න දෙයකුත් නෑ. ඒත් අපට ඒ ගැන අලුතින් එකතු කරන්න අදහසක් තියෙනවා.
තමන්ගේ වීඩියෝවක ශාක ප්‍රජනනය ගැන උගන්නන අස්සක ඔහු කියපු කතාව ඇසුරෙන් ලංකා සී නිව්ස් එකේ තිබිච්ච ප්‍රවෘත්තිය මේකයි.
‘විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.
තමන් එකල දේශන සඳහා යාමට සූදානම් වෙද්දී අනුර දිසානායක කොහේදෝ සිට ජනේලයෙන් කාමරයට පැමිණ නිදාගන්න බවත් තමන් ආපසු එන විට අනුර දිසානායක කාමරයෙන් පිට වී යන බවත් ඔහු පැවසීය.
එසේ යන්නේ දේශපාලන වැඩවලට බවද අනුර දිසානායක කිසිම දිනක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා සහභාගී නොවූ බවත් ඔහු පැවසීය.
දේශණවලට සහභාගී වූ අයගේ සටහන් පොටෝකොපි කරගෙන පාඩම් කර විභාගය ද සමත් වූ බවත් හෙතෙම කියා සිටියේය.’
ඔය කතාව පචයක් කියද්දී අපි අදහස් කළේ මේකයි. අනුර කුමාර යම් කාලෙක උඩ ඇඳේ හිටියා වෙන්න ඇති. ඒත්, හැම දවසෙම රෑට ජනේලෙන් පැනලා ගියා, රෑ පොලිටික්ස් කළා කියන එකම පිස්සුවක්. විශ්වවිද්‍යාල දේශපාලනයෙදී වුණත් රෑට විතරක් කරන දේවල් තියෙන්නේ කිහිපයයි. සමහර රැස්වීම් ඇති. පෝස්ටර් අඳින්න සහ අලවන්න ඇති. ඒ හැරුණම හැම මගුලක්ම වගේ කරන්න වෙන්නේ දවල්ටනේ. අනුර සම්පූර්ණ විශ්වවිද්‍යාල ජීවිතේම නිශාචරයෙක්ව ජිවත් වූ බව පිස්සු කතාවක්.
හරිම ලස්සන කෑල්ල තමයි තිස්ස ජනනායක දැන් දන්නවා අනුර ගැන බහුතර සමාජය හිතන විදිය. අනුරට විවේචනයක් නොකරන්න ගුරුතුමා පරෙස්සම් වෙනවා. අනුර වැරදියි කියන හැඟීමක් එළිපිට කරනනේ නැහැ.
‘හරි පුදුම ගමන් තියෙන්නේ සමහර මිනිස්සුන්ට..’ ආදි දේවල් තමයි ඔහු කියන්නේ. ඔහු එතැනට යයි, මම මෙතැනට යයි කියලා කවුරුත් හිතුවෙ නැහැ ආදිය ඔහු කියන්නේ අනුර ගැන නොස්ටැල්ජියාව අවුස්සන හැඟීම්බර ස්වරයකින්. ‘අනුරයි මායි ඒ කාලෙ එකට හිටියෙ..’ කියලා අනුර කුමාර එක්ක ඈඳෙන්න තමයි ඔහු උත්සාහ කරන්නේ.
අන්තිමේ තිස්ස කියන්නේ ‘සෙක්සිස්ට්’ කතාවක්. ශාක ප්‍රජනනය ගැන කතාවකට මේ අනුරගෙ කතාව කියන්නේ. ඔහුගේ පණිවිඩය තමයි පිරිමි හොස්ටල් එකට ඕනෑ වෙලාවක ඉන්න පුළුවන්, ගෑණු හොස්ටල් එකට එහෙම එන්න බෑ රෑට ලොක් කරනවා කියලා.
ගෑණුන්ට සමාජයෙන් දාපු සීමා ‘ස්වභාවධර්මයලු.’
අන්න ඔය නිසා තිස්සගේ අදහස් දැක්වීම හරිම පටු දැක්මක් තියෙන මනුස්සයෙකුගේ කතාවක් බවට පත් වෙනවා. ලොකුවට ඇඳගත්ත, සල්ලි තියෙන උගතෙක් වගේ පෙනී හිටියාට කොච්චර ග්‍රාම්‍ය, පටු මානසිකත්වයක්ද ඔහුට තියෙන්නේ කියන එක පැහැදිලි වෙනවා.
අපි බයියන් කියන ලේබල් එකට එකඟ නෑ. ඒත් බයියන් කියලා ජාතියක් ඉන්නවනං තිස්ස කියන්නේ අංක එකේ බයියෙක් බව තහවුරු වෙන්නේ මේ වගේ කතාවලින්.
තිස්ස ජනනායක මහතා වගේ අය මහන්සි වෙලා, කට්ට කාලා ඔතැනට ආපු අය. අතිවිශිෂ්ඨ හැකියාවක් තියෙන අය. දේවල් ඉගැන්වීමේ, පැහැදිලි කිරීමේ හැකියාව අතින් ඔවුන් අතිවිශිෂ්ඨ ඇති.
ඒත් ඔහු වැනි මහත්වරුන් ළමයින්ට පෙන්වන්න උත්සාහ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය කැරැක්ටර් එක බලන්න. පාන්දර පහට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් ඉගෙනගෙන නැවත එන ‘සුභක’ සිසුවෙක්. ඒ සුභක සිසුවාට සමාජය ගැන, දේශපාලනය ගැන අවබෝධයක් ලැබිලා නෑ.
පැලෝපීය නාලෙ ගැන විශ්වවිද්‍යාලෙදී චිත්‍ර සටහන්වලින් දැකපු දැනුමක් මත මිනිහා අවංකව හිතුවා වෙන්නත් ඇති මෙතැනින් මිරිකුවොත් පැලෝපීය නාලෙ ලේසියෙන්ම වඳ කරන්න පුළුවන් කියලා. ඒකනෙ ප්‍රසව හා නාරි විශේෂඥයන් කියද්දී එහෙම වඳ කරන්න බෑ කියලා, ඔහු ගින්න ඇවිලුවේ.
එතැනින් එහාට දේශපාලනය ගැන වුණත්, සමාජය ගැන වුණත් ඔහුගේ දැනුම ඉතාම පටු, ගෝත්‍රික දැනුමක්. රජ පෙළපත්වලට වඳින අංක එකේ මධ්‍යම පාන්තික වහලෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහු ඉතා ක්‍රියාකාරීව තමන්ගෙන් දැනුම ලබන ශිෂ්‍යයන්ට වහල්කම උගන්වනවා.
උදේ පාන්දරට නැගිටලා ලෙක්චර්ස්වලට ගිහින් රූප සටහන් සහ අනෙක් දේවල් එක්ක විෂය කටපාඩම් කරලා විභාගෙ විතරක් ගොඩදාලා බාහිර සමාජය ගැන කිසි දැනුමක්, හැඟීමක්, අවබෝධයක් නැති පුරවැසියන් බිහිකරන එක තමයි ඔහුගේ වැඩේ.
අන්න ඒක තමයි තිස්ස ජනනායකගෙයි, අනුර කුමාරගෙයි වෙනස. අනුරලා සමාජය, ලෝකය ගැන කල්පනා කරන, ඒවා ගැන සංවේදී මිනිස්සු. තිස්සලා අසංවේදී අර්ධ යන්ත්‍ර-අර්ධ මිනිස්සු.