අයිතිකාරයෙක් නැති මල්වානේ ඉඩමේ ගෙදර හදන්න වියදම් කළේ තමන්මයි කියලා දේශීය අදායම් දෙපාර්තමේන්තුවට කීවේ තමන්ට බලපෑම් එල්ලවුණ නිසා කියලා වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි ගම්පහ මහාධිකරණයේදී කියලා.
මීට කලින් ඔහු අධිකරණයට කියා තිබුණා මේ ගෙදර හදන්න බාර දුන්නේ බැසිල් රාජපක්ෂ බව.
මේ කරුණුවලින් රටම දැනගෙන හිටපු කතාව සීයට සීයක් තහවුරු වෙනවා. දැන් ඒ මන්දිරේ හදන්න සල්ලි කොහෙන්ද කියන කතාව බැසිල් රාජපක්ෂ මහතාට කියන්න සිද්ධ වේවි.
දොම්පේ මල්වාන මාපිටිගම ගඟබඩ පාරේ අක්කර දාසයක් පුරා විහිදුණ දැවැන්ත ඉඩමක් සල්ලි දීලා අරගෙන ඒකේ අතිවිශාල මන්දිරයක්, ස්විමිං පූල් එකක් සහ සත්ව ගොවිපළක් ඇතුළු දේවල් පවත්වාගෙන ගිහින් රජයේ දේපළ අවභාවිත කළා කියන චෝදනාව මත තමයි අධිකරණයේ නඩුව විභාග වෙන්නෙ.
මේ නඩුව ජනවාරි 21 වැනිදා ගම්පහ මහාධිකරණයේදි විභාගයට ගත්තාම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් තමයි මුදිත ජයකොඩි මේ බව කියා තිබුණේ. මේ නඩුව ආපහු මාර්තු 11 වැනිදාට දාලා තියෙනවා. එදාට බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් පෙනී ඉන්න නියමිතයි.
ඇත්තටම මීට කලින් රාජකීය දෛවඥයාද මොකක්ද නමක් දාගෙන හිටපු සුමනදාස අබේගුණවර්ධන මහත්තයා කියා තිබුණා තමන්ට මේ ගෙදර නැකත් කටයුතු ආදියට කතා කළේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂ බව.
ඒත් මේ ඉඩම ගැන තමන් නොදන්නා බවත්, තමන්ට අයිති නැති බවත් තමයි බැසිල් රාජපක්ෂ මහතාගේ පැත්තෙන් කියැවුණේ.
දැන් ඇත්තටම මෙතැන තියෙන්නේ පුහුල් හොරා කරෙන් දැනේ සීන් එකක්. කෙළින්ම බඩු මාට්ටු. රටම දන්නවා කතාව. මුදිත ජයකොඩිගේ සාක්ෂියෙනුත් කතාව තහවුරුයි.
රජයේ අධිනීතිඥ ඔස්වල් පෙරේරා සහ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සනිල් කුලරත්න යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ කියන්නේ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන්. ඒත් ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුව යටතේ තමයි පාලනය වෙන්නේ.