ලංකා ඊ නිවුස් මාධ්‍යවේදියා පෙබරවාරි 11 දා තෙක් රිමාන්ඩ්

2021 වසරේ ඉන්දීය නිදහස් දිනය යෙදී තිබූ අගෝස්තු 14 සහ 15 යන දෙදින සන්නද්ධ ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරිනියකට වට්ස්ඇප් පණිවිඩයක් යැවූ බව කියන ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ මාධ්‍යවේදී  කීර්ති බණ්ඩාර  පෙබරවාරි 11 දින  තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කර  ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා ප්‍රශ්න කළ සැකකරු 2021 නොවැම්බර් මස 29 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

එහිදි සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන්නේද යන්න පිළිබඳව උපදෙස් ලබා අධිකරණයට ඉදිරි දින වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කර ඇත.