රැඳවියාගේ මරණය: බන්ධනාගාරයේ තිදෙනකුගේ වැඩ තහනම්

ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් කඳවුරේ රඳවා සිටි ලලිත් චමින්ද හෙට්ටිගේ නමැති රැඳවියකුට පහරදී ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්යෙන් අදාල කඳවුර භාර නිලධාරියා ඇතුළු තිදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ බන්ධනාගාර ජේලර්, බන්ධනාගාර සැරයන් සහ බන්ධනාගාර නියාමකවරයෙකි.

වසර 04ක සිරදඬුවම් විඳිමින් සිටියදී මොහු මාතර බන්ධනාගාරයේ සිට කදුරුගස්ආර බන්ධනාගාරයට මාරුකර එවා ඇති අතර එහි කෘෂිකර්මාන්ත කටයුතුවල යෙදී සිටින අතරතුර පැනගොස් ඇති බව, එහිදි අනතුරකට පත්ව ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මාධ්‍ය වෙත පවසා ඇත.

එම අවස්ථාවේදි  බන්ධනාගාර නිලධාරීන් අදාල රැදවියාව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයිද ඒ මහතා පවසා ඇත. 

කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ දියණියක මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ බන්ධනාගාර නිලධාරීන්ගේ පහරදීම හමුවේ තම පියා මියගොස් ඇති බවය. 

අදාල  ප්‍රකාශ සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර කොමසාරිස්වරයකු යටතේ විමර්ශන ආරම්භ කර චෝදනා එල්ල කළ දියණියගේ ප්‍රකාශක්  ජනවාරි 23 වන දින  සටහන් කරගත් බවත් චන්දන ඒකනායක මහතා මාධ්‍ය වෙත පවසා ඇත.