යෝෂිත රාජපක්ෂගේ ආචාර්ය උපාධි ගැන කතාව එකපාර සමාජ මාධ්‍ය කළඹලා. අපි මේ වීඩියෝවෙදී කරන්නේ හරියට ඕලෙවල්වත් පාස් නොවූ යෝෂිත රාජපක්ෂ ඔය ආචාර්ය උපාධිය ගත්තේ කොහොමද? ඒකේ පසුබිම් කතාව මොකක්ද? උදයංග වීරංතුංග වගේම ගෝඨාභය රාජපක්ෂ මේකට බලපෑම් කළේ කොහොමද කියන එක.
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලංකාවේ ඉන්න රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට යවපු ලියුමකින් තමයි සීන් එක කතාබහට ඇවිත් තියෙන්නේ.
රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ජනවාරි 22 වැනිදා කොක්ටේල් පාටියකට එන්න කියලා දාපු ආරාධනාපත්‍රයක තමයි ආචාර්ය උපාධිය ගැන කතාව තිබුණේ.
හිටපු ආණ්ඩුව කාලයේ යෝෂිත රාජපක්ෂව බඳවාගත්ත විදියේ ඉඳලා, ඔහුට දුන්න විවිධ පහසුකම් ගැන විශේෂ විමර්ශනයක් නාවික හමුදාවෙන්ම කළා. ඒක ‘දේශපාලන පළිගැනීමක්’ කියලා තමයි යෝෂිතලා නම් කීවේ.
කොහොම නමුත් රියර් අද්මිරාල් ඩීඩබ්ලිව්බී වැල්ලවත්ත කරපු මේ විමර්ශනයෙන් ඔහුගේ ආචාර්ය උපාධිය ඇතුළු ගොඩක් දේවල් ගැන ආකර්ශණීය කරුණු හෙළි වුණා.
නාවික හමුදාවට 45 වැනි කණ්ඩායම බඳවාගන්න එදා පත්තර දැන්වීම් දාලා තිබුණේ සාමාන්‍යපෙළ විභාගයෙන් ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ සිංහල සහිතව සම්මාන 6ක් සහ උසස්පෙළ සම්මාන දෙකක් එකපාර පාස් වෙලා තියෙන්න ඕනෑ කියලාලු. ඒත්, යෝෂිතට සිංහලවලට සම්මානයක් නෑ. පාස් වුණාට සාමාන්‍ය සාමාර්ථයක් තිබිලා තියෙන්නේ.
ඒ නිසා දෙවැනි පාර සාමාන්‍යපෙළ සිංහල ලියලා අධි සාමාර්ථයක් අරන්. ඒත් එකපාර ලියලා නැති නිසා එයා මේකට සුදුසු නෑ. අනෙක් පැත්තෙන් උසස්පෙළත් සුදුසුකම් නැහැලු. ඒ සුදුසුකකම් සහිත ලියවිලි යෝෂිතගේ ෆයිල් එකෙත් නෑලු. නැති සුදුසුකම් කොහෙන් මවන්නද?
අපි මේ කතා කරන්නේ ආචාර්ය යෝෂිත රාජපක්ෂ ගැන හොඳේ!
ඒ හැරුණාම යෝෂිත ට්‍රේනින් ලබපු කාලේ එයාට වඩා උසස් නිලධාරීන් එයාගේ ආරක්ෂාවට නාවික හමුදාවෙන් යොදවලා හිටියාලු.
මීට අමතරව බැජ් එකේ දක්ෂම පුහුණු කැඩෙට් නිලධාරියාට හිමි සම්මානය යෝෂිතට දෙන්න කියලාත් නාවික හමුදාපති අද්මිරල් වසන්ත කරන්නාගොඩ බලපෑම් කළාලු
ඒ වගේම එදා ලොකුවට මාධ්‍යවලින් උස්සපු දෙයක් තමයි යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයෙන් පුහුණුවක් දෙන්න තෝරගත්ත බව. ඒ පුහුණුවත් සල්ලි දීලා මෙහෙන් යවපු එකක් මිසක්, එහෙන් තෝරාගත් එකක් නොවන බව හෙළි වුණා.
ඔන්න ඊළඟට තමයි මාස්ටර්ස් සහ පීඑච්ඩී උපාධි එන්නේ. ඔහු මාස්ටර්ස් කළේ 2009 ඔක්තෝබර් 29 වැනිදා ඉඳන් 2010 අගෝස්තු 31 දක්වා කාලසීමාවේදී යුක්‍රේනයේ ජාතික ආරකක්ෂක විශ්වවිද්‍යාල ඇකඩමියෙන්. මේකට යෝෂිතව සෙට් කරලා තිබුණේ එවකට යුක්‍රේන සහ රුසියානු තානාපති උදයංග වීරතුංග. ඒ ආයතනයේ ගෙවීම් සඳහා අනුග්‍රහයත් උදයංගම සෙට් කරලා තිබුණා. ඒ අනුග්‍රාහකයා වෙන කවුරුවත් නෙවෙයි, යුක්‍රින්මාෂ් කියන යුක්‍රේන අවිආයුධ වෙළඳාම් කරන සමාගම. මේ සමාගම තමයි කුප්‍රකට මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ සමාගම. ඒ කියන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයටත් හේතු වුණාය කියා අපි සැක කරන ගනුදෙනුවේ යුක්‍රේන පාර්ශ්වකාරයා. යුක්‍රින්මාෂ් සමාගම කෙළින්ම යෝෂිතගේ නම සඳහන් කරලාලු මේ ශිෂ්‍යත්වයට ආරාධනා කරලා තිබුණේ. ඒ කියන්නේ ඔබේ රටේ යම් කිසි නාවික නිලධාරියෙක්ට දෙනවා කියලා නෙවෙයි, කෙළින්ම ශ්‍රී ලංකා ජනාධිපතිගේ පුතාට තමයි ශිෂ්‍යත්වය.
ඒ අතරේ යෝෂිතගේ නවාතැන්, ගමන් බිමන් වියදම් ආදී සල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ බලපෑම මත හමුදාවෙන් වියදම් කරලාලු.
මාස්ටර්ස් උපාධිය කළාට පස්සේ යෝෂිතව ආචාර්ය උපාධියට සිලෙක්ට් වුණාලු. මානසික වෛද්‍ය ක්ෂේත්‍රයෙන් තමයි ඔහු පීඑච්ඩී එක කරලා තිබුණේ.
එතකොට යෝෂිතගේ මාස්ටර්ස් සහ ආචාර්ය උපාධිය කියන්නේ අපේ රටේ රාජ්‍ය නායකයාගේ පවුල සතුටු කරන්න යුක්‍රේනයෙන් දුන්න අල්ලසක් කීවාට වරදක් නෑ.
ඒකෙනුත් පස්සේ වසරේ හොඳම නාවික නිලධාරියාට දෙන්න තිබුණ රන් කඩුව සම්මානය යෝෂිතට දෙන්නත් එදා නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බලපෑම් කරපු බව ඒ කමිටුව හොයාගෙන තිබුණා. මේකට කිසිසේත් යෝෂිත සුදුසු නැති බව ඒ පර්යේෂණ කමිටුව නිගමනය කළා.
ඒ අනුව යෝෂිතට විනය පියවට ගත්තත්, අපේ මිනිස්සු රාජපක්ෂලා හොඳයි කියලා ආයෙත් බලයට ගෙනාවානේ. ඊට පස්සේ ඔහුව ආයේ සේවයේ පිහිටෙව්වා. ඊටත් පස්සේ 2020 ඔක්තෝබර්වල යෝෂිත නාවික හමුදාවෙන් විශ්‍රාම අරන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා බවට පත් වුණා. ඒ 2019 දී බලයට ආපු ගමන් ගෝඨාභය රාජපක්ෂ ‘නෑයන්ව පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගන්න එපා’ කියලා ඇමතිවරුන්ට ලොකු ටෝක් එකක් දීලා තිබියදී.
මේ සිද්ධිය 2019 දෙසැම්බර්වල පාර්ලිමේන්තුවේදීත් සාකච්ඡාවට ලකක් වෙලා තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රශ්න කිරීමක් එක්ක. ඔහු පෙන්වලා තිබුණා යෝෂිතට කෝටි දෙකහමාරක විතර වියදමක් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරපු බව.
ඔන්න ඕක තමයි සාමාන්‍යවෙළවත් හරිහැටි නොතිබිච්ච යෝෂිත රාජපක්ෂ ආචාර්යවරයෙක් විදියට පෙනී ඉඳිමින්, රටම ආර්ථික අර්බුදයක හිරවෙලා සමහර මිනිස්සු හෙට උදේ කෑම වේල ගැන හිතන කාලෙක ලංකාවේ ඉන්න විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් එක්ක කොක්ටේල් පාටියකට ලෑස්ති වීමේ නිධාන කතාව.
