මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ල සමථයට පත් කර ඇති බව අයිතිය වෙබ් අඩවිය වාර්තා කර ඇත.
දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ අදාල සිද්ධිය පිළිබඳව අයිතිය වෙබ් අඩවියෙහි මාධ්‍යවේදී කේ. සංජිව හෙළිදරව් කර තිබුණි.
අදාල වාර්තාවෙන් පසුව ජනවාරි 12 දින දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත.
මෙහිදී පැමිණිකරුවන්ට මිරිහාන පොලීසියේ HQI එච් එම් පී තුෂාර දූරකථනයෙන් අමතා ඔවුන් ගෙන්වාගෙන මෙම සිද්ධිය සමථයකට පත්කර ඇත. එහිදී කාර් රථයට සිදුවූ හානිය පියවා ගැනීම සඳහා රුපියල් 75000ක මුදලක් ඉන්දික කෝරළගේ මහතා පැමිණිලිකරුවන්ට ලබාදී ඇත.
අදාල සිද්ධිය