ස’ කී නිසා පීබී කලින්ම දොට්ට බසී! උත්සවයේදී නිලධාරීන් වැඳ වැටේ! (ඡායා)

ජනවාරි 31 වැනිදා ඉල්ලා අස් වෙන බව කී ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර කලින්ම ඉවත් වෙන්න කියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දුන් බව වාර්තා වුණේ සතියකට විතර කලින්.

ඒ අනුව ජනවාරි 14 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පොඩි උත්සවයක් පවත්වලා පීබී ජයසුන්දර විශ්‍රාම යනවාලු. ඒ් උත්සවයේදී පීබී ළඟට ආපු නිලධාරීන් සහ නිලධාරිනියන් වැඳ වැටෙන අයුරු ඡායාරූපවල දැක්වෙනවා.

මේක හරිම ගොබ්බකමක්. මේ නිලධාරීන් වැටුපකට සේවයක් කරන උදවිය මිසක්, පීබීගේ් යටත් වැසියන් නෙවෙයි. නැත්නම් පීබීට වඩා පුංචි මිනිස්සු නෙවෙයි. අනෙක පීබී රැකියාව කරලා ගෙදර යන කෙනෙක්. සම්ප්‍රදායට අනුව සමුගැනීමේ සාදයක් පවත්වන එක වෙනයි. මේ වගේ වැඳවැටෙන ගොබ්බ ගති හරිම අවුල්. සංස්කෘතික වශයෙන්. ලංකාවට ගොඩ යන්න අමාරු මේ වගේ දීනකම් නිසා බව අමුුතුවෙන් කියන්න ඕනෑ නැහැ.