රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2021 /22 නිලවරණයේ සිදු කර ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ගොනු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සිරාගල මහතා ජනවාරි 10 දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත.
වෛද්‍ය ප්‍රියන්ත ලක්මිණි අතපත්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීම සලකා මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ 2021/22 නිලවරණයේ දී හොර ඡන්ද භාවිතා කළ බවට තමන්ට සාධාරණ සැකයක් තිබෙන බවත් රජයේ ගිණුම්වල මුදල් අනිසි ලෙස භාවිතා කර ඇති බවත් වෛද්‍ය ලක්මිණි අතපත්තු යන අය කළ පැමිණිල්ල අධිකරණයට සැල කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වරද දණ්ඩ නීති සංග්‍රහයේ 386,389,400,457 හා 459 යන වගන්ති ප්‍රකාර වරදක් බැවින් අදාළ වගන්ති ප්‍රකාරව විමර්ශන පවත්වන බවයි.
2021 සැප්තැම්බර් 16 වැනි දින වෛද්‍යවරයා පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණයේ ලේකම් ධුරය සඳහා තමන් අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි බවත් ඉකුත් කෝවිඩි සමයේ නිලවරණය පැවැත්වීමට නොහැකි වූ බැවින් ඒ සඳහා විධිමත් සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට නිලවරණ කමිටුවේ සභාපතිවරයා වෙත දැනුම් දුන් බවයි.
ඔහු කිසිදු පිළිතුරක් නොදී වෛද්‍ය පාදෙණිය මහතා නිලවරණය පැවැත්වීමට කටයුතු කළ අතර, තැපෑලෙන් අයදුම් කරමින් වෛද්‍ය සභා පනතේ 161 (1) පනත අනුව අයදුම්පත් කැඳවා ඇති බව පවසන පැමිණිලිකරු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ 2021 /22 නිලවරණයේ මුදල් මෙන්ම ඡන්ද අක්‍රම්කතා සිදු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත්ය.
අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.