එමිල් රංජන් ආරක්ෂාව මැද බන්ධනාගාර රෝහලේ

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී මරා දැමූ 27 දෙනෙකු අතරින් එක් අයෙකු ඝාතනය පිළිබඳ චෝදනා ඔප්පු වීමෙන් මරණ දඬුවම් ලැබූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා විශේෂ ආරක්ෂාවක් එක්ක වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවලාලු.

12 වැනිදා මරණ දඬුවම නියම වුණාට පස්සේ ඔහුව බන්ධනාගාර භාරයට අරන් වැලිකඩට ගෙනාවාලු. කෙසේ වෙතත් ඔහුට බන්ධනාගාරයේදී තර්ජන එල්ල වෙන්න පුළුවන් කියලා ආරක්ෂිතව රඳවන්න ක්‍රමයක් සැලකිල්ලට ගන්න බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අරුණ පත්තරයට කියා තිබුණා.

ඔහුගේ පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබෙනතුරු තමයි ජම්බරය සහ සිරකරු අංකය දීලා ඔහුව රෝහලේ රඳවලා තිබුණේ.