ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව පෙරළීමට නොහැකි බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර දිවයින පුවත්පතට පවසා ඇත.
මන්ත‍්‍රීවරු දාහතර දෙනා ඉවත් වුණොත් ආණ්ඩුව පෙරළෙන බවට ඕනෑම අයකුට ප්‍රකාශ කිරීමට හැකි වුවත් එය එසේ සිදු නොවන බවත් ඔහු පවසා ඇත.
ආණ්ඩුවෙන් ඉවත්වීමට සිය පක්ෂය මෙතෙක් තීරණය කර නොමැති බවත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එය තීරණය කරන බවත් ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ වැරදිවලට කතා කරන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව බවත් එසේ කරන විට ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් හරහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට විවිධ චෝදනා කරන්නේ කවුදැයි තමා දන්නා බවත් ඔහු පවසා ඇත.
එහි එක් ප‍්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කරන බවද හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පක්ෂයක් ලෙස ඕනෑම මොහොතක පෙනී සිටින බව ද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් පවසා ඇත.