මේ දින වල ඇති අලුත්ම වනඡීවී ව්‍යාපෘතිය වන්නේ වනජීවී කලාප වටා අලි අගල් කැපීමයි. මෙය රාජ්‍ය ඇමති විමලවීර දිසානායක ගේ අදහසක්ම විය නොහැක්කේ ඇමතිකම් පවරන විටම අලි අගල් පිළිබඳ ඇමති කෙනෙක් පත් කිරීම ගෝටාභය ජනාධිපතිතුමා කටයුතු කර ඇති බැවින් එය ඔහුගේ හෝ වියත් මගේ නිර්මාණයක් විය යුතුය. එහෙත් මේ වන විට උඩවලව, ආනපල්ලම, ලුනුගම්වෙහෙර යන ස්ථානවල අලි අගල් කපමින් ඇත. නුදුරු දිනක යාල, ජලගැලුම් නිම්නය වැනි තැන්වලද මෙම අගල් කැපීමට නියමිතය. ඊට අකමැති නිලධාරීන් 6 දෙනෙකු පමන මේවන විට මාරුකර යවා ඇත.
අම්පාර කැලිකසල ගොඩ වටා ඇති අගල ඉතා අසාර්ථක එකක් බව පසුගිය දින අප දුටු දර්ශන වලින් පැහැදිලි විය. සවස වන විට මුළු කුණු ගොඩම අලින් ගේ ග්‍රහණයට හසුවන බැවින් ඔවුන් එම අලි අගල පසු කර යාම අපහසුවකින් තොරව කරන බව පෙනේ.
එහෙත් උඩවළවේ වනජීවී කලාපය වටා කපන අලි අගල ඊට වඩා පළලින් අඩු එනම් අඩි හතරක් පමණ පළල අඩි දහයක් පමණ ගැඹුරු කානුවකි. මේ කානුව පිළිබඳව නොයෙකුත් මතයන් ඇතත් බොහෝ මතයන් පරිසරය ගැන නොසලකමින් අධික ලෙස දේශපාලනිකව සිදු කරන ඒවා බව පෙනී යයි. මා සිතන ආකාරයට අලි අගලකින් සිදුවිය හැකි හොඳට වඩා සිදුවන්නේ ඉතාමත් නරක සිද්ධි දාමයකි.
තවමත් එහි ප්‍රතිපල දකින්නට ප්‍රමානවත් කාලයක් ගතවී නැත. වනජීවී භූ දර්ශනවල ගැඹුරු හා පලලින් අඩු අගල් කැපීම නිසා අලි ඇතුන් එහි වැටුනහොත් ස්වෝත්සාහයෙන් ගොඩ ඒමක් බලාපොරොත්තු විය නොහැක. එමගින් කුඩා ක්ෂීරපායින් හා අනෙක් වන සතුන්ගේ ගමනට බාධාවක් වන අතර, කුඩා ක්ෂීරපායීන් එම අගල්වලට වැටීමෙන්, දරුණු ලෙස තුවාල වීමට හෝ මිය යා හැකිය. මෙමගින් බොහෝ උරගයන්, ක්ශීරපායි හෝ වෙනත් විශේෂවල වාසස්ථාන විනාශ කිරීම, අහාර රටාව වෙනස් කිරීම නිසා හෝ වාසස්ථාන ඛන්ඩනය කිරීම නිසා දිගුකාලීන හානි එම විශේශ වලට සිදුවිය හැක. අගලට වැටුනු සතුන්ට ගොඩ ඒමට ඇතැමුන් තැනින් තැන වනජීවී උද්‍යානය දෙසට බෑවුම් ඇතිවන සේ අගල කැපිය යුතු යයි කීවද එමගින් මේ සියලු පාරිසරික ගැටලු විසදිය නොහැක.
වනජීවී කලාප යනු ජලපෝශකයන්ය. ඒවාට ලැබෙන ජලය ඉන් ඉවතට ගලායායුතුය. මේ මතුපිට ජලය බැසයාම හෙවත් surface runoff සදහා මින් බලපෑම් ඇති වීම වැලැක්විය නොහැක. අලි අගල් කැපීම බොහෝ දුරට ප්‍රදේශවාසී ඉල්ලීමක් බව උඩවලවෙන් වාර්තාවේ. එහෙත් මෙම අලි අගල් නිසා ප්‍රාදේශීය ගොවි ජනතාවට සහ ග්‍රාමීය ප්‍රජාවන්ට බලපෑම් ඇති කරන ලෙස වැසි ජලය ස්වාභාවික ජල මාර්ග දිගේ වනජීවී කලාපයෙන් ඉවතට නොගොස් අලි අගල දිගේ ප්‍රධාන ජලමාර්ගයකට ගලා යනු වැලැක්විය නොහැක. උදාහරනයක් ලෙස උඩවලව ජලාශයේ ජලබැස්මෙන් පටන් ගෙන ඇති අලි අගල මව් ආර දක්වාම ප්‍රධාන ඇලමාර්ග ඇත්තේ දෙකකි. එනම් හබරලු ආර සහ මුත්තයි ආර වේ. මේ ආරවල් තුන හැරෙන්නට කිලෝමීටර 18කටම අනෙක් ස්තාන වලින් ජලය අනෙක් පසට බැස නොයා සිටීම සහ උල්පත් වියලිවීම නිසා පොලොව වියලිවීම මෙන්ම දැරිය නොහැකි ජලකදක් වැසි සමයේ මේ කානුව/අගල හරහා ගොස් ඇලමාර්ග තුනෙන් බැස යාම නිසා එම ආරවල් අශ්‍රිතව ක්ශනික ගංවතුරද ඇතිවීම වැලක්විය නොහැක. එසේ වුවහොත් ගම්වැසියන්ට මෙන්ම වනජීවී රාජ්‍ය ඇමති විමලවීර දිසානායකද, මන්තී ගයාශාන් නවනන්දන මෙන්ම වනජීවී අධ්‍යක්ශ සූරියබන්ඩාර හට මෙය පාරාවලල්ලක් වනු ඇත. මේ නිසා එල්ලංගා වැව් පද්ධති විනාශයකට තුඩුදෙනු ඇත. කෙසේ වුවද මෝසම් සමයේ මෙම කානු විනාශවීම නොවැලැක්විය හැක.
මේ අතර මෙම අලි අගල් කපන්නේ ජනතාවට හෝ අලින්ට ආදරේට නොවේ. විශේශයෙන්ම මේ අලි අගල් යනු පස් හා වැලි හොරකමකි. සංරක්ශිත ඉඩම්වල පස් හා වැලි කපාගන්නට ඉන් ඉඩ ලැබෙන අතර රාජ්‍ය භාගය නොගෙවා ඒවායින් ලාබ ලබන්නට ප්‍රාදේශීය දේශපාලකයන්‍ට හා ඔවුන්ගේ නෑදෑයන්ට හා හෙන්චයියන්ට ඉඩ ලැබේ. ඉන් ලැබෙන මැනික් ඉල්ලම්, හෝ ආශ්‍රිතව ඇති ගස් වලට පුරාවිද්‍යා ස්තාන වලට හෝ නිධානයන්වලට මෙමගින් සියලු අවහිරයන් මගහැරේ. වර්ථමාන රජය මහජන සම්පත් සූරාකන්නට ස්වාභාවික සම්පත් වනසන්නට පසුගිය වසර දෙක තුල කල නොයෙකුත් සටකපට කම්වලට මේ හරහා තවත් එක් උපක්‍රමයක් එකතු වනු ඇත.