ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව පත් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
අදාල පත්වීමට පෙර එනම් ජනවාරි 13 වන දින උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හදිසියේම කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණයකට ගොස් ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ එම ධුරයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව මෙම නව පත්වීම සිදුකරනු ඇති බව වාර්තා වේ
මිට පෙර රේණුක පෙරේරා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කර තිබුණි.
නව රජය බලයට පත්වීමෙන් පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර,රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙනි .
.