වත්තේගම කැබිලිත්ත රක්ෂිතය අනතුරේ

මාධ්‍යවේදී නයන සංජීවගේ මුහුණු පොතේ පළ කර තිබුණු සටහනකි.

මොණරාගල දිස්ත්‍රික්කයේ සියඔලාන්ඩුව අඩවියට අයත් වත්තේගම කැබිලිත්ත රක්ෂිතට අනවසරයෙන් ඇතුලු වි වගාකිරිමට ඉඩමි සකසමින් සිටි පුද්ගලයන් 08කු ට්‍රැක්ටර් රථ 03ක් සමග වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදි හයසියයක ආසන්න ගමිවැසියන් පිරිසක් වන නිළධාරින් බලහත්කාරයෙන් රදවාගෙන අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ට්‍රැක්ටර් රථ මුදවාගෙන ගිහින්.

ගමිවැසියන්ගේ ග්‍රහනයේ සිටි වන නිළධාරින් පිරිස මුදාගෙන ඇත්තේ මොණරාගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් ගොස් ඊයේ රාත්‍රි 11.30ට පමණය.

මොණරාගල දිසාවන නිළධාරිවරයා පැමිණ, රක්ෂිතයේ වගාකිරිමට අවසර දෙන බවට ගොවියන්ට පොරොන්දු වෙනතෙක් වන නිළධාරින්ට යන්න නොදෙන බව ගමිවැසියන් පොලිසියට කියලා.

 යාල ජාතික වනෝද්‍යාන සංකීර්ණය හා කුඹුක්කන වන රක්ෂිතය හා කුමන ජාතික වනෝද්‍යානය මායිමිව ඇති වත්තේගම කැබිලිත්ත වනාන්තරය 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තිය අනුව 2012 නොවැම්බර් මස 12 වන දින අංක 1789/9 දරන ගැසට් නිවේදනය මගින් රක්ෂිතයක් බවට ප්‍රකාශකර තිබෙි. මෙම වනාන්තරයේ විශාලත්වය හෙක්ටයාර 28,926කි.

හෙක්ටයාර 28,926 ක් නැතහොත් අක්කර 71,537 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුනු වත්තේගම – කැඹිලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂි ජල මූලාශ්‍රවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයකි. 

මේ වනවිට විවිධ කන්ඩායමි අක්කර 12000ක් පමණ මෙහි ඉඩමි අල්ලාගෙන එහි අයිතිිය කියාපාන බව වන නිළධාරිහු කියති.

මෙම කලාපයේ වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතුව තිබු අක්කර 25000ක් පසුගියදා ඔවුන්ගේ භාරයෙන් ප්‍රදේශයේ හේන් ගොවියන් වෙත අක්කර 05 බැගින් බෙදිමට සියඹලාන්ඩුව ප්‍රාදේශිය ලේකමිවරයා වෙත නිදහස් කර තිබියදි, ගැසටිකල රක්ෂිතයෙනුත් අක්කර 12000ක් ගොවියන් යැයි කියාගන්න මෙම පිරිස්ට නිදහස් කරන්නේ කෙසේදැයි වන නිළධාරිහු විමසති.

බදුර්දින් විල්පත්තුවෙි අක්කර 2000ක් වනසද්දි තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක පවා වෙනස්කරගනිමින් ඊට විරෝධය පෑ මොණරාගල හා මෙරට ඊනියා පරිසරවෙිදීන්, මෙම කලාපයේ අක්කර 50000කට වඩා සංවිධානාත්මක පිරිසක් වනසද්දි ඊට මුනිවත රකින්නේ ඇයිදැයි වන නිළධාරිහු විමසති.

මෙි අතර හෙට(13) සිට සංවිධානාත්මක පිරිසක් බලහත්කාරයෙන් වත්තේගම කැබිලිත්ත රක්ෂිතයට ඇතුලුවි වගාකිරිමට සුදානමක් ඇතිබවට තොරතුරැ ලැබි ඇති අතර, ඒ සදහා සහය දෙනබවත්, බය නැතිව ගොස් එම ඉඩමි අල්ලාගෙන වගාකරන ලෙස ප්‍රදේශයේ ඇමතිවරයකුගේ ලේකමිවරයකු යැයි කියන පුද්ගලයකු මෙම ඉඩමි අල්ලාගැනිමට බලාපොරොත්තුව සිටින පිරිසට පවසා තිබෙන බවද දැනගන්නට තිබේ.