අපේ රජය චීනය සහ ජපානය කියන රටවල්වලින් ආනයනය කරද්දී, ණය සහන ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිතයි. චීන විදේශ ඇමතිවරයාගේ ලංකාවේ සංචාරයේදී මේ ගැන සාකච්ඡා ආරම්භ කරනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ගවලින් කියැවෙනවා.
මේ වෙද්දී ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් ගිවිසුම් හරහා අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ගෙන්වාගැනීම සඳහා ඇති කරගත් එකඟතාවලට සමාන එකඟතා ඒ රටවල් දෙක එක්කත් ඇති කර ගැනීමලු ආණ්ඩුවේ අරමුණ.
මේ ගැන පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉදිරිපත් කරපු විශේෂ කැබිනට් සංදේශයේත් සඳහන් වුණා. ඒකේ තිබුණු හැටියට නම් චීනය, ජපානය එක්ක සාකච්ඡා කරන්න විශේෂ ඇමතිවරයෙකුත් පත් කරන්න යෝජනා වෙලා තිබුණා. අනෙක් අතට අපි මේ රටවල් දෙකෙන් විශාල වශයෙන් ආනයන කළාට, ඒ රටවල්වලට අපනයන නොකරන හින්දා ඒ රටවල් එක්ක ගනුදෙනුව ලංකාවට විශාල පාඩු බවත් ආණ්ඩුව සලකා බලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ණයවලින් සීයට 20ක් චීනය සහ ජපානය යන රටවල් දෙකට ණය වී සිටින බවත් කැබිනට් සංදේශයේ සඳහන්ව තිබුණා.